Uproar-amid-case-as-Dianas-original-passport-files-missing

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජුලි 25 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.





අදාළ පෙත්සමේ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා ඒ මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නිවේදනය කළේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ලබන 25 වනදා දක්වා කල් තබන බවයි.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා මෙම පෙත්සම ගොනුකර තිබෙනවා. රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිම තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුනි.



මින් ඉහත පසුගිය අප්‍රෙල් මස ඩයනා ගමගේ ආගමන හා විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් ඊට අදාළව නියෝගයක් නිකුත්
කරන්නැයි ඉල්ලා සිටි අවස්තාවේ  අවශ්‍ය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතියෙන් බලය තිබෙන බැවින්  අධිකරණයෙන් නියෝග නොකරන බවට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සඳහන් කර සිටියේය.
දේශපාලන හේතූන් මත යයි අනුමාන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ක්‍රියා පිලිවෙතට අධිකරණයෙන් බලපෑමක් සිදු කරේ නැත.