
තම අලුත් පෙම්වතා සහ ඥාති තරුණයකු සමග එකතුවී තම පැරණි පෙම්වතාට පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති තරුණිය පාසල් සිසුවියක වන අතර සිය පාසල් පෙම්වතා අත හැර අලුත් පෙම්වතකු සමග පෙමින් වෙලි සිටිය දී පැරණි පෙම්වතාගෙන් එල්ලවන චෝදනා හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇතැයි පොලිසිය කියයි. ඇය තම ඥාති සහෝදරයකු හා අලුත් පෙම්වතා සමග එක්ව පැරණි පෙම්වතා අගලවත්ත දාපිළිගොඩ ප්‍රදේශයට ගෙන්වා තම පැරණි පෙම්වතාට පහරදී අලුත් ප්‍රේමයේ ශක්තිය පෙන්වා ඇතැයි පොලිසිය පැවසීය.
පහර කෑමට ලක්වූ අගලවත්ත දාපිළිගොඩ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. පහරදිමට සම්බන්ධ අලුත් පෙම්වතා සහ සැකකාර තරුණියගේ ඥාති තරුණයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ සිදු කරන බව අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තරිඳු හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. අත්අඩංගුවට ගත් තරුණිය පෙරේදා (30) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියාය.
ලක්මි කුඩලිගම
Comments
Post a Comment
Your comment will be visible after approval