manusha-speks

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා උත්සවයකට සහභාගී වෙමින් මෙසේ පැවසීය.

‘තව අපිට වැටෙන්න තැනක් නෑ. අපේ රටත් බංකොළොත් වුණා. ලියුම ගහගෙන මම අරගෙනත් ගියා. හැබැයි භාරගන්න බෑ කිව්වා. මොකක්ද බාර ගන්න බෑ කියන්නේ. මං කොහොමද අරයත් එක්ක වාඩිවෙන්නෙ, මං කොහොමද මෙයත් එක්ක වාඩි වෙන්නෙ.


මිනිස්සු මෙහෙ මැරෙනවා, මහ බැංකු අධිපතිවරයා රට බංකොළොත් රාජ්‍යයක් කියලා නිවේදනය කරළා ඉවරයි. රටට ආයෙත් කොහෙන්වත් සල්ලි එන්නෙ නෑ.

සජිත් ප්‍රේමදාසට බැරිනම් හර්ෂද සිල්වාට, එහෙම නැත්තම් අනුර කුමාරට, අපි කිව්ව කවුරු හරි ගන්න. හැමෝම කිව්වේ, මේ වෙලාවෙ දේශපාලන වශයෙන් නරක තීන්දු ගන්න වෙනවා, ඒ නිසා මට ඇඳගන්න ඉන්න කෝට් එක ඇඳගන්න බෑ. හැබැයි ඒ වගකීම භාරගන්න කොන්ද පණ තියෙන අය හිටියේ නෑ. උත්තරේ දැන් සූදානම් වෙලා හරියනවද?  අමාරුවෙලාවට නැති උත්තරේ. යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද?

දකුණේ ඡන්ද ටික බලල එක එක වෙලාවට හාමුදුරු ටික කියන කතා ටික අහගෙන, ඡන්ද ගැන හිතලා 13 ගැන කතා කළේ නෑ. 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නෙ ඒක අපේ නීතිය. නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න ජනාධිපතිවරයාට බෑ. මේ රටේ සියළු නීති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ක්‍රියාත්මක කරනවා. සමහරු අපිට කියනවා හොරු අල්ලනවද? හොරුත් එක්ක ලඟිනවද? මං එක උත්තරයයි දෙන්නේ, රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ සියළු නීති ක්‍රියාත්මක කරනවා.