ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ එකී නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.



කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න  අල්විස් මහතා නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරදි කිසිවක් අනාවරණය නොවන බවයි.
පසුගිය වසරේ මැයි මාසයේ කොටුව බැංකු මාවතේ පැවති උද්ඝෝෂණයකදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා ඔවුන්ට අයුතු අවහිරයන් කළ බවට වසන්ත මුදලිගේට චෝදනා එල්ල කර තිබුණි.
මාස 7 කට කාලයක් නිකරුනේ ඔහු එම පනත අනුව රඳවා සිටියේය.
කෙසේ වෙතත් වසන්ත මුදලිගේට එරෙහි තවත් නඩු කිහිපයක් පවතින අතර එකක් සිකුරාදාද විභාගයට ගන්නට නියමිතය.
ඔහුට මුලින් කී නඩුවෙන් ඇප ලැබුණද අනෙක් නඩු නිසා නැවත රක්ෂිත බන්ධනාගාරයට කැඳවා යනු ලැබිණි.