හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සමුළුවකට සහභාගී වෙමින් මෙසේ අදහස් දැක්වීය.

"ශ්‍රී ලංකාව ගොඩ ගන්නනම් බලය ගැනීම වගේම බලය ලබා ගන්නා විදිහත් වැදගත්. අපි ගොඩනඟමින් ඉන්නවා බලය ලබා ගැනීමේ අළුත් ආකෘතියක්.

ඒකට අපි කියනවා මහජන ව්‍යාපාරයක් හරහා මහජන ආණ්ඩුවක් නිර්මාණය කිරීම. සාමාන්‍ය ජනතාව අද දේශපාලනයේ වගකීම් දරාගෙන මහජන ව්‍යාපාරයට ඇතුළු වෙමින් ඉන්නවා.

මුදල් අමාත්‍යංශ ලේකම් යවනවා සල්ලි දෙන්න විදියක් නෑ කියලා. ඡන්දෙට යන්නෙම රුපියල් බිලියන හතයි. මේ අවුරුද්දේ වියදම් කරන්න ආණ්ඩුව ඇස්තමේන්තු කරලා තියෙනවා බිලියන හත්දාස් අටසීයක්. මේ හතත් නැත්තම් රට කොහෙටද යන්නෙ කියලා ලෝකේ කොහොම කල්පනා කරයිද? ඡන්දෙ නොතිබ්බොත් ඡන්දෙ තියාගන්න හරි ජනතාවට ජයග්‍රහණය අත්පත් කරලා දෙනවා. දුන්නොත් ජයග්‍රහණයක් වෙයි, නුදුන්නොත් විජයග්‍රහණයක් වෙයි.

රනිල් කල්පනා කරනවා මැතිවරණයකට යන්නෙ නැතිව ජනාධිපතිවරණයකට යන්න.  අපේ ව්‍යවස්ථාවේ තියෙනව මෙහෙම වගන්තියක්. ඉන්න ජනාධිපති දෙවතාවටත් ඉල්ලනවනම් අවුරුදු හතරින් ඡන්දයක් කැඳවන්න. සමහර නීති විශාරදයෝ කියනවා ගෝඨාභය රාජපක්ෂ තමයි ඉන්නෙ රනිල් ගේ නමින් කියලා."