gotabaya-sri-lanka

අද (26) දහවල් පවත්වමින් තිබෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පවසන්නේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ නැවත ලංකාවට එන බවයි.



ඔහු සැඟවී සිටින්නේ නැති බවත් ඔහු මේවනවිට සිංගප්පූරුවේ සිටින බවත් එරටින් නැවත ශ්‍රී ලංකාවට එන් බවත් බන්දුල ගුණවර්ධන පැහැදිලි කළේය.

මින් ඉහත වාර්තා වූ පරිදි ලබන 29 න් පසු ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රැඳී සිටීමට එරට ආගමන විගමණ දෙපාර්තමේන්තුව අවසර ලබාදී නැත. ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න නිසා එසේ කර ඇතැයිද වාර්තා වී තිබුණි.
ඔහු එරටදී අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීම් සිදු කළත් ඒ සඳහා සිංගප්පූරු රජය ඊට ප්‍රතිචාර දක්වා නොතිබුණි.
ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල ආරක්ෂාව හා වීසා ඉල්ලා සිදු කළ ඉල්ලීම් ප්‍රතික්සේප වූ බවටත් ඔහුට ඩුබායි හෝ ශ්‍රී ලංකාවේ පමණක් ඉදිරියේ රැඳී සිටීමට හැකිවනු ඇති බවටත් වාර්තා පළවිය.


හිටපු ජනපතිවරයෙකුට හිමි නිල නිවසක්ද ගොඨාභය රාජපක්ෂ දිවි ඇති තුරා ශ්‍රී ලංකාවේ සිටියදී පවතින රජය ලබාදිය යුතුය.