rupavahini-raid-examine

පසුගිය 13 වනදා අරගලකරුවන් පිරිසක් ජාතික රූපවාහිනී සංස්ථාවට කඩාවැදී මධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලයට තර්ජනය කර බියගන්වා සජීවී රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් ආරම්භ කළ බව කුරුඳුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරීයේ ඊයේ (25) කරුණු වාර්තා කර ඇත.  රූපවාහිනී සංස්ථාවේ සේවකයකු කළ පැමිණිල්ලකට අදාළව සීසීටීවී දර්ශන ඔස්සේ මෙම විමර්ශන ආරම්භ කර ඇති බවත්,

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇති බවත් කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම සිද්ධියේදී පුද්ගලයන් දෙදෙනකු හඳුනාගෙන ඇති අතර, තවදුරටත් ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන කරමින් සිටින බව ද කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. අරගලකරුවන් අයුතු ලෙසින් රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වූ බවට පැමිණිලි කර තිබුණ ද අදාළ රූපවාහිනී වැඩසටහනට සහභාගි වූ අයට රූපවාහිනී පරිශ්‍රය තුළදී තේ පැන් සංග්‍රහයක් ද ලබා දී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

සිද්ධියට අදාළ දර්ශන පහතින්