
මේ දිනවල ඩෙංගු රෝගය අධිවසංගත තත්වයක් පවතින අතරවාරයේ වටිනා ජීවිතයක් අකාලයේ අහිමිවීයාමේ ශෝකජනක පුවතක් වාර්තාවේ.
ඩෙංගු රෝගය හේතුවෙන් කොළඹ කොටුව ලංකා බැංකුවේ කෙලින්වීදිය ශාඛාවේ කළමනාකාරිනිය වූ 39 හැවිරිදි නිරංජලා ෆොන්සේකා මහත්මිය ජීවිතයෙන් සමුගත්තාය. දෙදරු මවක වූ ඇය මියයන අවස්ථාවේදී තුන්වන දරුවා ලැබෙන්නට ආසන්නයේ ගැබිණියකව සිටි අතර කොළඹ සොයිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියාය.
ඇය අසාධ්‍ය තත්වයට පත්ව සිටියදී ජීවිතය අහිමිවන්නට ඉඩ ඇති බැවින් කුසතුළ සිටි හත්මස් දරුවා සැත්කමකින් එළියට ගන්නට වෛද්‍යවරු පියවර ගත් නමුත් අවාසනාවන්ත ලෙස දරුවා මියගොස් සිටි බව රෝහල් ආරංචි හෙළි කරයි.
මෙසේ මියගිය නිරංජලා ෆොන්සේකා මහත්මිය මාලබේ වැව පාරේ පදිංචිව සිටියාය. ලංකා බැංකුව කොළඹ කොටුව කෙලින්වීදිය ශාඛාවේ කළමනාකාරිනිය වන්නට පෙර ඇය පේරාදෙණිය සරසවියේ සහය කථිකාචාර්යවරියක ලෙසද සේවය කළ අතර ඇය එම සරසවියේ උපාධිධාරිනියකි.
දුම්මලසූරිය සියඹලාගස්රුප්ප ප්‍රදේශයේ සිට විවාහයෙන් පසු මාළඹේ පදිංචියට පැමිණි ඇය එක් දියණියකගේ හා පුතෙකුගේ මවකි.
ඩෙංගු අවදානම් තත්වය කෙරෙහි විශේෂයෙන් දරුවන් හා ගැබිණි මව්වරුන් සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අංශ දන්වා සිටී.
සම්බන්ධිත වාර්තාව
දිස්ත්‍රික්ක 8ක ඩෙංගු අධි වසංගත අවදානමක්
Comments
Post a Comment
Your comment will be visible after approval