friday-work-at-home

පවතින ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස රජයේ සේවය දින 4 ක් කාර්යාලයට පැමිණත් 5 වන දිනය සිකුරාදා නිවසේ සිටත් සිදු කරන ආකාරයට ළඟදීම වෙනස්කමකට ලක්කරන බව රාජ්‍ය පරිපාලන ඇමති දිනේෂ් ගුණවර්ධන ඉරිදා  (5) ප්‍රකාශ කළේය.


ඔහු පවසන්නේ මෙම වෙනස්කම මගින් පොදු ප්‍රවාහනය සඳහා ඉන්ධන දහනය ඉතිරි කරගන්නට හැකි වන බවයි.
‘ලැබෙන තෙල් ප්‍රමාණය සීමිතව ඉතිරි කරගෙන,හැකිතරම් දුරට තෙල් ප්‍රමාණය අඩු කරගැනීමට ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක්සකසන්න අපි තීරණය කළා. රාජ්‍ය සේවය දින 4 ක් රාජකාරිය කරන්නටත් සිකුරාදා ගෙදර සිට වැඩකරන දිනක් බවට අතිරේකව පරිවර්තනය කරන්නටත් මේ අනුව යෝජනා කර තිබෙනවා‘
ඔහු පැහැදිලි කළේය.

මෙම ක්‍රමය මින් පෙර පසුගිය සතියේ සිට කම්කරු අමාත්‍යංශය අත්හදා බැලූ අතර පරිපාලන ඇමති දන්වා සිටිනපරිදි එය සියලුම රාජ්‍ය ආයතන සඳහා ඉදිරියේ අදාළ කරගනු ඇත.