salman-khan-Shehnaaz-Gill

බොලිවුඩයේ ආකර්ෂණීය නළු සල්මාන් කාන් තවමත් අවිවාහකය. ඔහු ජීවිතාන්තය දක්වාම විවාහ නොවන බවටද කථා තිබුණි. කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය කලින් කලට ඔහුට සමිප වන යුවතියන් ගැන කථා හදා තිබේ. ශ්‍රී ලාංකික සම්භවය ඇති ජැක්ලින් ද කාලයක් ඔහුගේ පෙම්වතිය වී සිටි අතර නවතම යුවතිය වන්නේ ෂෙහ්නාස් ගිල්ය.
ඇයත් සල්මනුත් ඉන්දියාවේ ප්‍රකට ‘බිග්බොස්‘ රියලිටි තරගාවලියේ දීර්ඝ කාලයක සිට ඉදිරිපත් කරන්නන් වන අතර නිරන්තරයෙන් ඔවුන් දෙන්නාට එකට වැඩ කරන්නට අවස්ථාව සැලසී තිබුණි.
ඉන්දීය මාධ්‍ය වාඩාත් සැක සහිත ලෙස ඔවුන්ගේ සම්බන්ධයක් ගැන වාර්තා පළ කරන්නේ පසුගියදා පැවති ඊද් උත්සවයකදී ඔවුන් අතර හමුවීමක් හා අසාමාන්‍ය සිපවැළඳගැනීමක් නිසාය.
සුපිරි නළු සල්මන් ඛාන්ගේ සොහොයුරිය වන අර්පිතා ඛාන් ෂර්මා විසින් පවත්වන ලද ඊද් උත්සවයේදී ෂෙහ්නාස් ගිල්, සල්මන් ඛාන් සමඟ ඕනෑවට වඩා සමීප වීම හේතුවෙන් මෙම කතාවලට ලක්විය. Shehnaaz සල්මාන්ගේ Kabhi Eid Kabhi Diwali ඉදිරි චිත්‍රපටයේ රංගනයේ යෙදෙන බවටද සාදයේදී ඇයගේ පැමිණීම සමග වාර්තා විය. නිළිය සුපිරි තරුව සමඟ සිටි ඉරියව් සියල්ල හෙළි කලේ ඇය සහ සල්මන් ඛාන් අතර ඇති බැඳීමකි.

 "Salman Khan යනු Shehnaaz Gillගේ උපදේශකයාය. ඇයගේ අවංකකම සහ අහිංසකකම නිසා ඔහු ඇයට බෙහෙවින් ඇලුම් කරන බව කියා තිබේ. Sidharth Shukla නමැති ඉන්දීය ටෙලිනළුවා පසුගිය වසරේ අකාලයේ මියගිය පසු ඔහුගේ පෙම්වතිය ලෙස ෂෙහ්නාස් ගැන බොලිවුඩ් රසිකයින් කතා කර තිබුණි.
ඔහුගේ මරණයෙන් පසු සල්මන් ඛාන් Shehnaaz කෙරෙහි බොහෝ අනුකම්පාවක් ඇති කර තිබේ. විශේෂයෙන්ම වෘත්තීමය තීරණ ගැනීමේදී ඇයට මගපෙන්වීම සහ උපකාර කිරීමට බවද කියා තිබේ.ඇය තමන් කැමති පුද්ගලයා කෙරෙහි ඇති සෙනෙහස සඟවා ගැනීමෙන් කිසිවිටෙක පසුබට වන්නේ නැත.එසේම ඇය සල්මන්ට බෙහෙවින් ඇලුම් කරයි.
සල්මන් ඛාන් පරිපූර්ණ වෘත්තිකයෙකි, නමුත් ඔහුගේ මිනිසුන් සමග පවත්වන සම්බන්ධතා ඉතා ආරක්‍ෂාකාරී වන බව බොලිවුඩ් මාධ්‍ය වාර්තාකර තිබේ. ඔහු සිනහමුසු මුහුණින් ආදරයෙන් වැළඳගන්නා අය ගැන විවිධ කතා හැදුණත් ඔවුන්ගේ සම්බන්ධතාවයන් ප්‍රශ්න කළ නොහැකිය. ඔහුගේ ඒ ගැන ඇසුවොත් දෙන කෙටිම පිළිතුර, මේ අය මගේ මිතුරන් යන්න පමණි.