
නයිජීරියාවේ නිරිත දෙසින් පිහිටි ඔන්ඩෝ ප්‍රාන්තයේ ඉරිදා ආගමික දේව මෙහෙයකට සහභාගී වූ පල්ලියේ සාමාජිකයින් පිරිසකට සංවිධානාත්මක කණ්ඩායමක් පැමිණ වෙඩි තැබීම් හා ඩයිනමයිට් පිපිරවීම් සිදු කර තිබේ.
සමූහ වෙඩි තැබීම නිසා මියගිය පිරිස සිය ගණනක් වෙතැයි නිල නොවන ආරංචි පවතින අතර නිල මරණ සංඛ්‍යාව ප්‍රකාශවී නැත.
ප්‍රාදේශීය නියෝජිතයෙකු වන ඇඩෙලෙග්බේ ටිමිලියින්ට අනුව, ළමයින් ඇතුළුව පුද්ගලයින් 50 දෙනෙකු මිය ගිය බව සඳහන් කර ඇත.
පෙන්තකොස්ත ඉරිදා සැමරීමට මිනිසුන් පැමිණි ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානයේ පූජකවරයා මෙම අපරාධකරුවන් කණ්ඩායම විසින් පැහැරගෙන ගොස් ඇති බවද වාර්තාවේ.
පල්ලියේ දේව මෙහෙය අවසන් වූ වහාම මෙම සිදුවීම සිදුව තිබේ. පල්ලියට කඩා වැදුණ ප්‍රහාරකයන් තුවක්කු සහ ඩයිනමයිට් වලින් පල්ලියට ප්‍රහාර එල්ල කර ඇත. පිරිස නමස්කාර මධ්‍යස්ථානයේ වැට සහ ගේට්ටුව හරහා පල්ලියට ඇතුළු වූ බව සාක්ෂි ලැබී ඇත.
සිද්ධිය ඇසින් දුටු තරුණයෙක් ප්‍රකාශ කළේ ප්‍රහාරකයාගේ පළමු ගොදුර අයිස්ක්‍රීම් අලෙවි කරන්නෙකු බවයි.
ප්‍රහාරකයන් ඩයිනමයිට් ආධාරයෙන් පල්ලියට ප්‍රවේශය ලබා ගත් නමුත් බැතිමතුන්ට තුවක්කු වලින් වෙඩි තැබූ බව ඔහු පැහැදිලි කළේය.











Comments
Post a Comment
Your comment will be visible after approval