chhattisgarh-11-year-old-boy-who-had-fallen-into-borewell-rescued

ඉන්දියාවේ චත්තිස්ගාර් හි අඩි 80ක් ගැඹුරු බෝර ළිඳකට වැටී දින ගණනාවක් ජීවිතය හා මරණය අතර සටනක නියැළුණ රාහුල් සාහු නමැති පිරිමි දරුවා අඟහරුවාදා රාත්‍රියේ දීර්ඝ මෙහෙයුමකින් පසු බේරා ගත් බව නිලධාරීහු පවසති. 


දරුවා ගලවා ගැනීමේ ඉන්දියාවේ විශාලතම මෙහෙයුමට එරට හමුදාව හා ආපදා ප්‍රතිචාර බලකාය එක්වූ අතර මෙහෙයුම ඊයේ (14) රාත්‍රී සාර්ථක ලෙස අවසන් විය. පැය 106කට වැඩි කාලයක් අරගල කිරීමෙන් පසු ගලවාගැනීමේ කණ්ඩායම් විසින් අඟහරුවාදා රාත්‍රියේ අඩි 80ක් පමණ ගැඹුරු ළිං වළේ පතුලෙහි සිරවී නිදා සිටි රාහුල් සාහු සාර්ථකව බේරා ගැනීමට සමත් විය. හමුදා කණ්ඩායමක් විසින් රාහුල් වහාම ඇපලෝ රෝහල වෙත ගෙන යන ලද අතර වෛද්‍යවරු පෙන්වා දුන්නේ පිරිමි ළමයා ප්‍රතිකාරයට යහපත් ප්‍රතිචාර දක්වන බවයි.


දිගු කලක් පොළවේ සිරවී ගතව සිටි පිරිමි ළමයා මානසිකව දුර්වල වුවද,  ළමයා නිර්භීත මුහුණක් පෙන්නුම් කළේ යයි මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. ඔහු පිටතින් සැපයූ ඔක්සිජන් හා ආහාර පිහිටෙන් ජීවිතය අල්ලාගෙන නිර්භීතව සටන් කළේය.‍
ගලවා ගැනීමේ නිලධාරින් පැවසුවේ, බෝර ළිං වළට ජලය කාන්දු වීම, දේශගුණික තත්ත්වයන් අයහපත්වීම මෙන්ම සර්පයෙකු ද වළ දෙසට රිංගා යාම වැඩි අනේක බාධා ජයගනිමින් නොපසුබස්නා උත්සාහය නිසා පිරිමි ළමයා බේරා ගත් බවය.



සිකුරාදා පස්වරු 2 ට පමණ සෙල්ලම් කරමින් සිටියදී මල්කාරෝඩා සංවර්ධන කොටසේ පිරිඩ් ගම්මානයේ තම නිවස පිටුපස මිදුලේ පිහිටි භාවිතයට නොගත් අඩි 80 ක් පමණ ගැඹුරු නළ ළිඳට සාහු වැටී ළිඳේ සිරවී සිටියේය.

PTI වාර්තාවලට අනුව, තරුණ පිරිමි ළමයා බේරාගැනීමේ මෙහෙයුම් අධීක්‍ෂණය කිරීම සහ පැවැත්වීම සඳහා NDRF භටයන්, හමුදා නිලධාරීන් සහ ප්‍රාදේශීය පොලිසිය 500 කට අධික පිරිසක් එම ස්ථානයට යොදවා තිබී ඇත. ගුජරාටයේ සිට දුරස්ථව ක්‍රියාත්මක වන බෝරවල් ‘ගලවා ගැනීමේ රොබෝ’ යන්ත්‍රයක් ද ගලවා ගැනීමේ මෙහෙයුමට යොදවා තිබුණි.
ගලවා ගැනීමේ කණ්ඩායමේ ප්‍රයත්නයට ප්‍රධාන අමාත්‍ය භූපේෂ් බගෙල් ප්‍රශංසා කළ අතර, "අපි රාහුල් බේරා ගැනීමේදී සාර්ථක වී සටන ජය ගත්තෙමු" යනුවෙන් පැවසීය.
නිලධාරීන්ට අනුව,දරුවා දැඩි සත්කාර ඒකකයට (ICU) ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය මේ වන විට ස්ථාවරව පවතී.

පෙර වාර්තා
ඉන්දියානු දරුවා තාම වළ ඇතුලේ - බේරාගැනීමේ මෙහෙයුම පැය 40 ක් තිස්සේ
අඩි 80ක් ගැඹුරු වළක සිරවී සිටින 11 හැවිරිදි දරුවෙකු බේරාගන්න ඉන්දියාවේ මෙහෙයුමක්