rahul-fallen-in-borewell-rescue-operation-going-on-40-hours

ඉන්දියාවේ චත්තිස්ගාර් ප්‍රාන්තයේ චම්පා දිස්ත්‍රික්කයේ අත්හැර දමන ලද බෝර ළිඳට වැටුණු දරුවා බේරා ගැනීමේ මෙහෙයුම කෙරෙහි එරට වැසියන්ගේ අතිමහත් අවධානය යොමුවී ඇති අතර මෙහෙයුම පැය 40 ක් තිස්සේ අඛණ්ඩව ක්‍රියාත්මකව පවතී. 
ළිඳට වැටුණු 11 හැවිරිදි රාහුල් නම් පිරිමි ළමයා රාත්‍රී 3 ට පමණ ආහාර අනුභව කළ බව මෙහෙයුම සිදුකරන කණ්ඩායම දන්වා තිබේ.ඔහුට අවස්ථා දෙක තුනකදී ආහාර ලබාදී ඇත්තේ ඔහු සිරවී සිටි තැනට යොමු කළ සිහින් නළයක් ඔස්සේය. එහි සවිකළ කැමරාව උපකාරයෙන් දරුවා නිරුපද්‍රිතව සිටින අයුරුද හදුනාගත් අතර එම නළය සමග ඔක්සිජන් නළයක්ද අමුණා ඇති නිසා ස්වසන වාතාශ්‍රය ලබාදීමට උපකාර වී තිබේ.


ඊයේ සවස 3 ට පලතුරු, කෙසෙල් ද්‍රාවණයක් ගෙන ඇති දරුවා උදේ යුෂ වර්ගයක් ආහාරයටද ගෙන ඇත. ඉරිදා උදෑසන දරුවා තුළ කලබලයක් ඇති වී තිබෙන බවද වාර්තා කර තිබේ.
මේ වන විට NDRF කණ්ඩායමේ අධීක්‍ෂණය යටතේ අඩි 50ක් පමණ වළක් දරුවා වැටුණ තැනට යාබදව කපා ඇත. පෝක්ලේන් සහ විදුම් යන්ත්‍රය ආධාරයෙන් නළ ළිඳ දක්වා උමගක් දැමීමට බෑවුම සකස් කරමින් පවතින අතර පසුව දරුවා නළ ළිඳෙන් පිටතට ගැනීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍ය භූපේෂ් බගෙල් දැඩි කනස්සල්ලට පත්ව සිටින බවත් ඔහු රාත්‍රිය පුරාම ගලවා ගැනීමේ කටයුතු යාවත්කාලීන කළ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා දන්වා සිටී.

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව
අඩි 80ක් ගැඹුරු වළක සිරවී සිටින 11 හැවිරිදි දරුවෙකු බේරාගන්න ඉන්දියාවේ මෙහෙයුමක්