Operations-are-still-underway-to-rescue-a-11-year-old-boy-india

ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ චම්පා දිස්ත්‍රික්කයේ ගම්මානයක අඩි 80ක් ගැඹුරු වළක සිරවී සිටි 11 හැවිරිදි පිරිමි ළමයෙකු සිකුරාදා රාත්‍රියේ සිට බේරා ගැනීමට දරන උත්සාහයක් තවම අවසන්වී නැත.
සිකුරාදා සවස 4 ට පමණ, Janjgir-Champa දිස්ත්‍රික්කයේ Pirhid ගම්මානයේ මෙම දරුවා ක්‍රීඩා කරමින් සිටියදී ගැඹුරු නල ළිඳක් සඳහා හාරා ඇති අඩි 80 ක් පමණ ගැඹුරු වළට වැටී ඇත.
ගැඹුරු වළකට වැටුණු 11 හැවිරිදි රාහුල් ෂාහු බේරා ගන්නට ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ (NDRF) පිරිස් සහ නිලධාරීන් හැරුණු විට, Chhattisgarh පොලිසිය සහ ප්‍රාන්ත ආපදා ප්‍රතිචාර බලකාය ද වෙහෙස නොබලා වැඩ කරමින් සිටී.



රාහුල්  දරුවා ගම්මානයේ ඔහුගේ නිවස පිටුපස අතහැර දමා තිබූ නළ ළිඳට වැටී ඇති බව පොලිස් අධිකාරීවරයා පැවසීය.
රාහුල්ගේ කෑගැසීම ඇසී ඔහුගේ පවුලේ සාමාජිකයින් ඔහු නල ළිඳ තුළ සිටිනු දැක අනෙක් ගම්වැසියන්ට දැනුම්දී බේරාගැනීමේ වැඩසටහන සදහා බලධාරීන් දැනුවත් කෙරිණි.

දැනට පැය 15කට අධික කාලයක් මෙහෙයුම ක්‍රියාත්මක වන බවත් පොළව අඩි 50ක් පමණ ගැඹුරට හාරා ඇති බවත්, මුල් අඩි 60ත් 65ත් අතර ප්‍රමාණයෙන් පසුව උමගක් හෑරීමට උත්සාහ කරමින් සිටින බවද ANI පුවත් සේවය වාර්තා කරයි.
දරුවා බේරා ගැනීම සඳහා JCB යන්ත්‍ර යොදා ගනිමින් සමාන්තර වළක් හාරමින් සිටින බව වාර්තාවේ.
සිදුකළ පරීක්ෂා කිරීමේ රූපවලට දරුවාගේ වීඩියෝව හසුවුණ අතර පිරිමි ළමයා ජීවතුන් අතර සිටින අතර මුදාගැනීමේ මෙහෙයුම තවමත් ක්‍රියාත්මකයි. සෙනසුරාදා උදෑසන අගර්වාල් පැවසුවේ නළ ළිඳ තුළ ඔක්සිජන් නලයක් හරහා පිරිමි ළමයාට ස්වසනය ලබා දෙන බවයි.
ප්‍රාන්ත මහ ඇමතිවරයා ඇතුළු බලධාරීන් මේ දරුවා බේරාගන්නා තුරු නොඉවසිල්ලෙන් බලා සිටිති.