Vitamin-D-to-diabetes-health-conditions-that-DOUBLE-your-dementia-risk

ඩිමෙන්ශියාව යනු ලොව පුරා සිටින වැඩිහිටි පුද්ගලයින් ආබාධිතභාවයට පත්කරන ප්‍රධාන රෝගයකි.
ඩිමෙන්ශියා තත්වය සිතීමට සහ හැසිරීමට බලපාන අතර, ඉන් පීඩා විඳින පුද්ගලයාට සහ පවුලේ සාමාජිකයින්ට බොහෝ වේදනාවක් ඇති කරයි.
කෙනෙකු තුළ ඩිමෙන්ශියාව දශක ගණනාවක් පුරා සෙමින් වර්ධනය විය හැකි අතරම ක්‍රමානුකූල සංජානන පරිහානියක් ලෙස ප්‍රකාශ වේ.
එය පසුව සංජානන දුර්වලතා බවට පිරිහී යන අතර, පුද්ගලයා තම මතකය දුර්වල වන බව දකින නමුත් තවමත් තමන් ගැනම බලා ගත හැකි මට්ටමක සිට අවසානයේ පූර්ණ ඩිමෙන්ශියාව බවට පත්වේ.



මේ සම්බන්දයෙන් අලුතින් කළ අධ්‍යයනයන් දෙකක් මඟින්  ඩිමෙන්ශියාව වර්ධනය වීමේ අවදානම සැලකිය යුතු ලෙස බලපාන සෞඛ්‍ය තත්ත්වයන් සොයාගෙන ඇති අතර, ඉන් වැළැක්වීමේ පියවරවල වැදගත්කම තවදුරටත් ඉස්මතු කරයි. දකුණු ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය විසින් කරන ලද නවතම අධ්‍යයනයකින් විටමින් D ඌනතාවය සහ පසුකාලීනව ඩිමෙන්ශියාව ඇතිවීමේ අවදානම අතර විශ්මය ජනක සම්බන්ධයක් සොයා ගන්නා ලදී.

එපමණක් නොව, ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනයෙන්  ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ දෙවන වර්ගයේ දියවැඩියාව, හෘද රෝග හෝ ආඝාතය ඇති පුද්ගලයින්ට ඩිමෙන්ශියාව ඇතිවීමේ අවදානම දෙගුණයක් බවයි.

විටමින් D අතිරේක ගැනීම සහ ඔබේ දියවැඩියාව, හෘද රෝග හෝ ආඝාත අවදානම කළමනාකරණය කිරීමෙන් පසුකාලීන ඩිමෙන්ශියාව සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි ආකාරය මෙම පරීක්ෂණ මගින් පෙන්වාදී ඇත.


පළමු අධ්‍යයනයේ දී, පර්යේෂකයන් ස්ටොක්හෝම් හි ජීවත් වන වයස අවුරුදු 60 ට වැඩි සෞඛ්‍ය සම්පන්න, ඩිමෙන්ශියාවෙන් තොර පුද්ගලයන් 2,500 ක්  ස්වීඩන් ජාතික වයස්ගත වීම සහ රැකවරණය පිළිබඳ ජාතික අධ්‍යයනයෙන් දත්ත උපුටා ගන්නා ලදී.



සංජානන හැකියාවේ වෙනස්කම් සහ ඩිමෙන්ශියාව වර්ධනය වීම නිරීක්ෂණය කිරීම සඳහා සහභාගී වූවන් වෛද්‍ය පරීක්ෂණ සහ සංජානන පරීක්ෂණ සමඟ වසර 12 ක් ගැන සලා බලන ලදී.

පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ හෘද පරිවෘත්තීය රෝග එකකට වඩා තිබීම මොළයේ සෞඛ්‍යය පිරිහීමේ වේගය වේගවත් කරන බවත් ඩිමෙන්ශියා අවදානම දෙගුණයක් කරන බවත්ය.

"මෙම රෝග එකකට වඩා එකවර තිබීමෙන් ඩිමෙන්ශියාව ඇතිවීමේ අවදානම බලපාන්නේ කෙසේදැයි අධ්‍යයනයන් කිහිපයක් පරීක්‍ෂා කර ඇත, එබැවින් අපගේ අධ්‍යයනයේදී අපට පරීක්ෂා කිරීමට අවශ්‍ය වූයේ එයයි" යනුවෙන් පර්යේෂණය සිදු කළ ආචාර්ය අබිගේල් ඩෝව් පවසයි. ස්නායු ජීව විද්‍යාව, සත්කාර විද්‍යාව සහ සමාජය, කැරොලින්ස්කා ආයතනයේ ඔහු කටයුතු කරයි.

"අපගේ අධ්‍යයනයේ දී, දියවැඩියාව / හෘද රෝග සහ දියවැඩියාව / හෘද රෝග / ආඝාතය යන සංයෝජන සංජානන ක්‍රියාකාරිත්වයට වඩාත්ම හානිකර බව සොයාගත්තෙමු," ඩෝව් වැඩිදුරටත් පැවසීය.

ඔබේ දියවැඩියාව පාලනය කිරීමට සහ හෘදයාබාධ හා ආඝාත අවදානම අඩු කිරීමට උපකාරී වන සෞඛ්‍ය සම්පන්න ජීවන රටා පුරුදුවලට ඇතුළත් වන් පහත කරුණු 6 යි.

  •     සෞඛ්ය සම්පන්න ආහාර සැලැස්මක් අනුගමනය කිරීම
  •     ශාරීරික ක්‍රියාකාරකම් ඔබේ දිනචරියාවේ කොටසක් බවට පත් කිරීම
  •     පරිභෝජනය කරන සීනි සහ ලුණු ප්රමාණය අඩු කිරීම
  •     සැකසූ ආහාර සහ සංතෘප්ත මේදය වළක්වා ගැනීම
  •     වයසට හා උසට සරිලන නිරෝගී බරක් පවත්වා යාම
  •     ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම.


විටමින් ඩී, ස්නායු රූපකරණ ලක්ෂණ සහ ඩිමෙන්ශියාව සහ ආඝාත අවදානම අතර සම්බන්ධය විමර්ශනය කිරීම ඊළඟ අධ්‍යයනයෙන් සිදුවිය.
පසුගිය වසරේ ජාතික ආහාර හා පෝෂණ සමීක්ෂණයෙන් හෙළි වූයේ එක්සත් රාජධානියේ වැඩිහිටියන් හය දෙනෙකුගෙන් එක් අයෙකුගේ රුධිරයේ විටමින් ඩී අඩු මට්ටමක පවතින බවයි.
අත්‍යවශ්‍ය විටමින් බොහෝ විද්‍යාඥයින්ගේ උනන්දුව උච්චස්ථානයට පත් වූයේ විටමින් D සහ Covid ආසාදනය අඩු කිරීමේ ප්‍රබල සම්බන්ධතා සොයා ගත් විටය.
විටමින් ඩී අඩු මට්ටමක ඇති රෝග ලක්ෂණ වන්නේ තෙහෙට්ටුව, අස්ථි වේදනාව සහ මනෝභාවය වෙනස් වීමයි.
විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ විටමින් ඩී අඩු මට්ටමක පැවතීම මොළයේ පරිමාව අඩුවීමට සහ ඩිමෙන්ශියාව සහ ආඝාත අවදානම වැඩි කිරීමට සම්බන්ධ බවයි.
සෑම කෙනෙකුම විටමින් ඩී සාමාන්‍ය මට්ටමට වැඩි කිරීමෙන් ඩිමෙන්ශියා රෝගීන්ගෙන් 17% ක් පමණ වළක්වා ගත හැකි බව සොයා ගන්නා ලදී.

(බ්‍රිතාන්‍යයේ ‘ද මිරර්‘ වෙබ් අඩවි වාර්තාවක් ඇසුරිනි  - Gossiplankanews.com)
මූලාශ්‍රය -  https://www.mirror.co.uk/lifestyle/health/