අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානී  - නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමති ආරක්ෂක අංශයට මාරු කර යවා තිබේ.
ඔහු තමාට එල්ලවන පීඩනය නිසා සේවා ස්ථානය වෙනස් කරන ලෙස කළ ඉල්ලීමක් අනුව මෙම මාරුව ලබාදී ඇත.
පසුගිය මැයි 09 සිද්ධි මාලාව විමර්ශනය කිරීමේදී රජයේ හිටපු ප්‍රබලයින් රැසක් ප්‍රශ්න කරන්නට සීඅයිඩී ප්‍රධානියා අපක්ෂපාතීව කටයුතු කළ නමුත් ඔහුට තර්ජන එල්ලවූ බව සඳහන්වේ.



පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව ප්‍රධානියා ලෙස පත් කර ඇති බවයි.

නුවරඑළිය දිසා නියෝජ්‍ය පොලිස්පති ලෙස මෙතෙක් කටයුතු කරමින් සිටි ප්‍රසාද් රණසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස මීට පෙර සේවය කර ඇති නිලධාරියෙකි.

සම්බන්ධිත පෙර ලිපිය
මයිල් ගස්වලින් ආ තර්ජන වලින් පසු සී අයි ඩී ප්‍රධානියා මාරුවක් ඉල්ලයි