government-service-change

පවතින ඉන්ධන අර්බුදය හා විදුලි අරපිරිමැස්ම ආදී හේතු කිහිපයක් සලකා රජයේ සේවය නැවත  නිවසේ සිට වැඩ කිරීමේ රාමුවකට වෙනස් කරන්නට ඉඩක් පවතින බව වාර්තාවේ. 



රජයේ සේවයේ රාජකාරී සඳහා ඇතැම් ආයතනවල අත්‍යවශ්‍ය රාජකාරී කරන සේවක මඩුල්ලට පමණක් සේවයට කැඳවීමටත් අනෙක් අය නිවසේ සිට රාජකාරී කිරීමත් මේ අනුව සිදුවනු ඇත.
පසුගිය සතියේ සිකුරාදා රජයේ අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් සියලු සේවා නිවාඩු දුන් අතර මෙම තත්වය ඊට වඩා වෙනස්ය. මෙහිදී සියලු සේවා ක්‍රියාත්මක කරන නමුත් වැඩට පැමිණ සේවය කරන්නේ අත්‍යවශ්‍ය අය පමණි.
මෙම නව ක්‍රියා පිළිවෙල සිදුවිය යුතු ආකාරය ගැන විශේෂ චක්‍රලේඛයක් හෙට (24) නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා මාධ්‍ය වෙත දැනුම්දී ඇත.