cid-head-ask-transfer

පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න මහතා එම ධුරයෙන් ඉවත්වන වීමට තීරණය කර ඇති බව වාර්තාවේ.


පොලිස්පති තුමා වෙත ලිපියක් යොමුකරමින් තිලකරත්න මහතා සඳහන් කර ඇත්තේ තමන්ට පොලීසියේ රාජකාරි කිරීමට වෙනත් සුදුසු ස්ථානයක් ලබා දෙන ලෙසයි.
ඉල්ලා අස්වීමට කරුණු වශයෙන් ඒ මහතා සඳහන් කර ඇත්තේ එම ධුරයේ කටයුතු කිරීමේදී තමනට දැඩි බලපෑම් එල්ල වෙමින් ඇති බවයි.
පසුගිය මැයි 09 වනදා ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන සීඅයිඩීය රජයේ ඇතැම් බලධාරීන් ප්‍රශ්න කිරීමට ලක්කළ අතර ඇතැම් අය ප්‍රශ්න කිරීම නොකරන ලෙස ඉහළ බලපෑම් එල්ලවී තිබූ බවට වාර්තා පළ විය.
 මෙම පරීක්ෂණයේදී තවම මහින්ද රාජපක්ෂ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන චෝදනාවලට ලක්වූ අයගෙන් ප්‍රශ්න කිරීම් සිදු කර නැත.