යුරෝපා සංගමයට අයත් රාජ්‍යයත්තුළදී COVID-19 මර්දන එත්තත් මාත්‍රා මිශ්‍ර කිරීම සදහා අනුමැතිය ලබාදීමට යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය (European Medicines Agency) පසුගියදා තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව කොරෝනා වෛරසය පරාජයට පත්කිරීමේ මෙහෙයුමේදී දැනට අනුමත කර ඇති එත්තත් මාත්‍රා එකිනෙක මිශ්‍ර කරමින් බූ එන්නත්කරණයක් එම රටවල ක්‍රියාත්මක කිරීම අරමුණ වී තිබේ. මේ සම්බන්ධ

නිවේදනයක් නිකුත්කර ඇති එම ආයතනය, මෙලස එකිනෙකට වෙනස් එන්නත් වර්ග යොදාගැනීම 'විෂමජාතීය එන්නත්කරණය' ලෙස නම් කර තිබේ. ඒ හරහා පැහැදිලිවම COVID-19 වෛරසයට එරෙහිව ආරක්ෂාවක් ලැබෙනු ඇතැයි යන්න එම ආයතනයේ විශ්වාසය වී තිබේ. එසේම European Medicines Agency ආයතනය සහ රෝග පාලනය සහ වක්වා ගැනීම සදහා වන යුරෝපියානු මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම එක්නත් මාත්‍රා මිශ්‍ර කිරීම සහ ගැළපීම යන ක්‍රමෝපාය හරහා එම සංගමයේත්රාජ්‍යයන් අතර ක්‍රියාත්මකඑක්නත්කරණ වැඩසටහන් වෙත වඩා වැඩි විකල්ප සොයාගැනීමේ අවස්ථාව හිමි වන බව පවසා සිටියි. "දැනට පවතින සාක්ෂිවලට අනුව මෙලෙස එකිනෙකට වෙනස් එත්තත් වර්ග මිශ්‍ර කරමින් ලබාදෙන ' විෂමජාතී බූස්ටර් මාත්‍රා එන්නත්කරණය' හරහා 'ඒකජාතිය බූස්ටර් මාත්‍රා එන්නත්කරණයට වඩාහොද ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් හිමිවන බව හඳුනාගෙන තිබෙනවා.” යනුවෙන්ද European Medicines Agency පවසයි.