basil-speaks

2022 වසරේදී රජය විසින් නොකිරීමට තීරණය කර ඇති ප්‍රධාන කරුණු කිහිපයක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙළිදරව් කළේය.

ඒ අනුව එළඹෙන වසරේදී වාහන ආනයනය නොකිරීමටත් රාජ්‍ය සේවයට නව බඳවාගැනීම් නොකිරීමටටත් තීරණය කළ බව ඔහු පැවසීය.


''විදේශ මුදල් වල තියෙන හිඟයට අපිට බැරෑරුම් ලෙස මුහුණ දෙන්න වෙනවා රටක් හැටියට. ඒ වගේම ගිය අවුරුද්දේ අපිට යම් විදිහක වැඩි වීමක් ලැබුණත් මේ අවුරුද්දේ ඉතාම අඩු මට්ටමක වැටුණා. අපේ පිට රට ශ්‍රමිකයින් එවන සම්ප්‍රේෂණ මුදල් අඩුවෙලා තියෙනවා. දෙලක්ෂ තිස්දහසක් වාර්ෂිකව යවපු ශ්‍රමිකයින් ප්‍රමාණය ගිය අවුරුද්දේ පනස්තුන්දාහට වැටුණා. අපේ ඇමතිවරු ඉතාම මහන්සි වෙලා මේ වර්ෂයේ අද වෙනකොට එක්ලක්ෂය ඉක්මවල යවන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ ඉලක්කය ලබන අවුරුද්දේ මේක ලක්ෂ තුන දක්වා වැඩිකරගන්න. එතකොට මම හිතන්නේ ශ්‍රමිකයින් වෙන වෙන ක්‍රමවලට එව්වත් ශ්‍රමිකයෝ සංඛ්‍යාව වැඩි වීම නිසා අපිට යම්කිසි මුදලක් වැඩිපුර ලැබෙන්න පුළුවන්. අපි කොහොමහරි මේ රටේ ජනතාවට ආහාර හිනගයකින් තොරව සාගතයක් කියන වචනය අසලටවත් එන්නේ නැතුව පැහැදිලිවම අපි සූදානම් මේ ආහාර සුරක්ෂිතතාවය රකින්න.

ඒ අතර මම දන්නවා හැම සාකච්ජාවකදීම ජනාධිපතිතුමා ඉදිරියට ගියත් ඉල්ලන්නේ වාහනයි කාර්ය මණ්ඩලයයි.

ඒකත් අපිට අනිවාර්යයෙන්ම සීමා කරන්න වෙලා තියෙනවා ලබන අවුරුද්දේ කිසිම ආකාරයකට අලුත් වහනයක්වත් අලුත් කාර්ය මණ්ඩලය අනුමත කිරීමක්වත් කෙරෙන්නේ නැහැ. ඒ නිසා අලුතෙන් කාර්ය මණ්ඩල ඉල්ලන්න එපා. අපිට මේක හංගන්න දෙයක් නැහැ. අපි කියන්නේ මේ අවුරුද්ද මේ ඉන්න කාර්ය මණ්ඩලයෙන් පිරිමහගන්න වෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ඉන්න සේවකයෝ, ඉන්නවා ඉඳගන්න පුටු නැති තත්ත්වයක් තියෙන්නේ. එහෙම එකේ තවත් කාර්ය මණ්ඩල වැඩිකරයි කියල කිසිම කාර්යක්ෂමභාවයක් ලැබෙන්නේ නැහැ. ලබන අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ල අපිට පිට රටට කිරිපිටි ගෙන්වීම සඳහා යන මුදල් පුළුවන් නම් එකතු කරලා දෙන්න.'' යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.