අක්මීමන තල්ගම්පළ ජනාධිවත්ත ප්‍රදේශයේ දි තිදරු පියකු තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර ඇතැයි අක්මීමන පොලිසිය පවසයි. ඝාතනයට ලක්වූ තිදරු පියාගේ මළ සිරුරු පෙරේදා (07 වැනිදා) උදැසන ඔහුගේ නිවෙසට යන මාර්ගයේ තිබී හමුවී ඇති බැව් පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අක්මීමන ජනාධිවත්ත තම්පළ ප්‍රදේශයේ පදිංචිකරුවකුවන මුරුක්කු ආදුරන්ගේ සුරේෂ් විජිත කුමාර (41) නැමති පෙදරේරුවෙකි. ඝාතනයට ලක්වූ මොහුගේ බිරිය අක්මීමන හියාරේ දිවත්ත ප්‍රදේශයේ දරුවන් සමග පදිංචිව සිටින අතර මොහු තම්පළ ජනාධිවත්තේ නිවෙසේ තනිවම පදිංචිව සිට ඇත.
ජනාධිවත්ත ප්‍රදේශයේ නිවෙස් හිමියකු ඔහුගේ නිවෙසට ගසන බවට අක්මීමන පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතර ඉන්පසු අක්මීමන පොලිසියේ නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගොස් ඇත. පොලිස් නිලධාරින් පැමිණෙනු දැක ඝාතනයට ලක්වූ තිදරු පියා දිවගොස් ඇති බවද පොලිසිය පවසයි. ඝාතනයට ලක්වූ පුද්ගලයා සිය නිවෙසේ සිට රාත්‍රි 11.00ට පමණ වෙළෙඳසලකට ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි. මෙම තිදරු පියාගේ ගෙල තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කොට මාර්ගයේ තිබියදී පෙරේදා (07) උදැසන සොයාගත් බව පොලිසිය කියයි. ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි. අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
-ඩී.පී. සුගතපාල-
Comments
Post a Comment
Your comment will be visible after approval