kelani-bridge-opening

පසුගිය දා විවෘත කෙරුණු නව කැළණි පාලම ආශ්‍රිත මාර්ග සඳහා නව විධිමත් රථවාහන මාර්ග සැලැස්මක් හඳුන්වා දී තිබේ.


රියදුරන්ට මාර්ග හඳුනා ගැනීමට නොහැකි වීමෙන් ඇතිවන අපහසුතාවය සහ ඒ සමග ඇතිවන වාහන තදබදය අවම කර ගැනීම සඳහා මෙම මාර්ග සැලැස්ම හඳුන්වා දෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස් වීරකෝන් මහතා ඊයේ(31) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.



*නව කැලණි පාලම හරහා ගමන් කිරීමට අවසර හිමි වන්නේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමට අවසර ඇති වාහන සඳහා පමණයි.

*මෙහි වරාය පිවිසුම් මාර්ගයේ ඉඳිකිරීම් කටයුතු තවදුරටත් සිදු කිරීම හේතුවෙන් දැනට එම මාර්ගය හරහා ගමන් කිරීමට අවසර ලබා දී ඇත්තේ කොළඹ වරායට ඇතුලු වීමට බලපත්‍ර හිමි වාහන සඳහා පමණයි.

*කොළඹ දෙසට පැමිණෙන සෙසු වාහන වරාය පිවිසුම් මාර්ගයට ඇතුලු නොවී සිරිමාවෝ බණ්ඩාරනායක මාවතෙන් ගොස් වමට හෝ දකුණට හැරවිය යුතුය.

*වරායේ සිට පැමිණෙන කන්ටේනර් රථවලට නව කැලණි පාලම හරහා ගමන් කිරීමට අවසර හිමි නොවේ.

*කන්ටේනර් රථ ඇතුලු නව කැළණි පාලමේ ගමන් කිරීමට අවසර නොමැති සෙසු සියලු වාහනවලට පාලමට පහලින් පිහිටි බේස්ලයින් මාර්ගය ඔස්සේ පැමිණ, පාලමට පිටතින් පිහිටි මංතීරුව ඔස්සේ ගමන් කල හැකියි.