අද දින ත්‍රීකුණාමලයෙ කින්නියා කුරිඤ්ඤංකේනි හිදී පාලම් පාරුවක් පෙරලීමෙන් ළමයින් ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. මියගිය අය අතර ළමයින් 4 දෙනෙකු, කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු සිටින අතර බරපතල 4 දෙනෙකු ඇතුළු 10 දෙනෙකුට වැඩි පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.
මියගොස් ඇත්තේ සකු සාහි (අවුරුදු තුනහමාරක්), සහිලා (අවුරුදු 6), පැරිස් බකී (අවුරුදු 6), සබ්රියා (අවුරුදු 30), ෂෙහාබ්දුල් සාගර් සහ එව් සරීන් (අවුරුදු 8) යන අයයි.
අනතුරින් පසු පැවති අවදානම හා මුල්ගල තැබූ පාලම තවම ඉදි නොකිරීම ගැන බලධාරීන් නොසැලකිලිමත්වූ බවට චෝදනා නගමන් උද්ඝෝෂණයක්ද පැවතිණි.
ධාරිතාව ඉක්මවා වැඩි පිරිසක් රැගෙන යාම හේතුවෙන් මෙම පාලම් පාරුව පෙරළීමට ලක්විය.
සිරස වීඩියෝ සම්පූර්ණ වාර්තාව පහතින්
ත්‍රිකුණාමලයේ පාලම් පාරුවක් පෙරළි දරුවන් ඇතුළු 6 ක් මරුට 4 කට බරපතලයි Photos
Comments
Post a Comment
Your comment will be visible after approval