ධාරිතාව ඉක්මවා වැඩි පිරිසක් රැගෙන යාම හේතුවෙන් මෙම පාලම් පාරුව පෙරළීමට ලක්ව ඇත.
අද (23) උදෑසන 07.30 පමණ මෙම අනතුර සිදුව ඇත.
ආපදාවට පත් තවත් අය සිටින බැවින් ඔවුන් සොයා නාවික හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇත.
විශේෂ ආපදා සහන මෙහෙයුම සඳහා නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය, මැරීන් බලඝණය, විශේෂ යාත්‍රා බලඝණය සහ කිමිදුම් අංශයෙන් සමන්විත සහන කණ්ඩායම් 08ක් මේ වන විටත් එම අනතුර සිදුවූ ස්ථානයේ මෙහෙයුම් සිදු කරනු ලබයි.
කින්නියා කුරින්ඥන්කර්නි පාලමෙහි සිදුවන අළුත්වැඩියා හේතුවෙන් පුද්ගලයන් ප්‍රවාහනය සඳහා මෙම පාලම් පාරුව භාවිතා කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval