නාය යෑමේ අවදානමක් හේතුවෙන් වසා දමා ඇති කොළඹ – මහනුවර මාර්ගයේ මාවනැල්ල සහ කඩුගන්නාව අතර කොටස තවදුරටත් වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද.එස්.වීරසූරිය ප්‍රකාශ කළේය.
මේ අතර නුවරඑළිය ප්‍රදේශය ආපදාවෙන් තොර සංචාරක කලාපයක් බවට පත් කිරීම සඳහා කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මේ බව සඳහන් කළේ, නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ ගංවතුර ඇති වූ ප්‍රදේශවල තත්ත්වය සොයා බැලීමට ඊයේ පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval