ප්‍රශ්නකාරී කාබනික පොහොර රැගත් නෞකාව අයත් සමාගම විසින් ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා නිකුත් කළ එන්තරවාසිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට යොමු කර තිබේ.
අදාළ සමාගම විසින් පසුගියදා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත අමෙරිකානු ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබුණි.
එම පොහොර මෙරට භාවිතයට සුදුසුනති බවට ජාතික ශාක නිරෝධායන සේවය විසින් නිර්දේශ කිරීම නිසා එම පොහොර තොගය මෙරටට භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
එහෙත් එය මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් මතුවීම දක්වා දිගුවක් වී ඇති අතර මෙරට චීන තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන්
මහින්දානන්ද අලුත්ගමගේ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන අමාත්‍යවරුන් සමඟ පැවති සාකච්ජාවේදී තුන් වන පාර්ශවයක් විසින් නැවත එම පොහොර සාම්පල පරීක්ෂාවට තීරණය කර තිබුණු අතර එම පරීක්ෂණ වාර්තාවද නිකුත් කර ඇති අතර එම තුන්වෙනි පාර්ශවය සහතිකය නිකුත් කර ඇත්තේ එම පොහොර තොගයේ කිසිදු අහිතකර ක්ෂුද්‍ර ජීවියෙක් නැති බවටයි.
කෙසේවෙතත් එම කාබනික පොහොර සහිත “හිපෝ ස්ප්‍රිට්” නෞකාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නැංගුරම්ලා ඇති බවද වාර්තා වෙයි.

