basil-budget-freelance

ඊයේ පැවති අයවැය කතාවේදී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ දැක්වූ අදහසක් පහත පරිදිය.


‘තොරතුරු තාක්ෂණික දැනුම හා කෘත්‍රිම බුද්ධිය ඇසුරින් නිපදවන නව මෘදුකාංග, ඒවායේ සංවර්ධනයන් හා නව තොරතුරු තාක්ෂණික නිපැයුම්වලින් නිදහස් තරුණ ව්‍යවසායකයින් (Freelance Young Enterpreneurs) උපයන විදේශ විනිමය, රට තුළට ගලා ඒමට බාධා වන අනපනත් හා නීති රෙගුලාසි සංශෝධනය කිරීමට යෝජනා කරනවා,
රාජ්‍ය හා පෞද්ගලික ආයතන තම ව්‍යාපාර නිෂ්පාදන හා සේවා වැඩිදියුණු කිරීම සඳහා නව තාක්ෂණයට අනුගත වීමේ අවශ්‍යතාවයක් පවතිනවා. ඒ නිසා ඩිජිටල්කරණය තවදුරටත් තේරීමක් නොව නොවැළැක්විය හැකි අංගයක් බවට පත්විය යුතු බව යෝජනා කරනවා.


ආයතනවල ඉහළ කාර්යක්ෂමතාවය, ක්‍රමවත් මෙහෙයුම, පිරිවැය කළමනාකරණය වැනි ව්‍යාපාර කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සදහා බ්ලොක්චේන් (Block Chain) තාක්ෂණය වැනි ක්‍රමවේදයන් භාවිතා කළ යුතු බවට යෝජනා කරනවා.
සාම්ප්‍රදායික බැංකු තරගකාරීව තාක්ෂණයේ වේගය සමග ඉදිරියට යා යුතුයි. සීඝ්‍රයෙන් පරිනාමය වන වෙළඳපොළ තුළ නව්‍යකරණය අත්‍යවශ්‍යයි. මේ නිසා බැංකු ඩිජිටල්කරණය මගින් ජංගම බැංකුකරණය කරා යොමුවී, ඩිජිටල් බැංකු ශාඛා විවෘත කිරීම දිරිමත් කළ යුතු බව යෝජනා කරනවා. ඒ සදහා අවශ්‍ය නීති රෙගුලාසි, ප්‍රාග්ධන අවශ්‍යතා, බලපත්‍ර නිකුත් කිරිම යනාදී කරුණු ඇතුළත් නියාමන රාමුවක් සහිත සැලසුමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සසාස් කළ යුතු යැයි යෝජනා කරනවා.


තාක්ණික ව්‍යවසාය ආර්ථිකයක් ආරම්භ කිරීම සඳහා 2021 අයවැය මගින් හඳුන්වා දුන් තාක්ෂණ උද්‍යාන (Techno Park) වැඩපිළිවෙළ යටත් කුරුණෑගල රත්ගල්ල හා ගාල්ල අක්මීමන දැනට ඉදිවන උද්‍යාන දෙකට අමතරව, හබරණ,නුවරඑළිය මගස්තොට හා මහනුවර දිගන තාක්ෂණික උද්‍යාන 2023 දී අරඹන්න මා යෝජනා කරනවා.‘