ශ්‍රී ලංකාව තුළ විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන භාවිතය උනන්දු කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි. අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව
ලබන වසරේ සිට නාගරික ප්‍රදේශවලට විදුලි බලයෙන් ක්‍රියා කරන පහත් පතුල් බස් රථ හඳුන්වා දීමට කටයුතු කරන බව ජාතික පරිසර සභාවේ 14 වැනි සැසි වාරයට එක්වෙමින් ඇමතිවරයා සඳහන් කළේය.
“රජය විසින් ඉදිරියේ දී වාහන ආනයනයේ දී විදුලිබලයෙන් ක්‍රියාකරන වාහන ප්‍රචලිත කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. එම යෝජනාව ඉන් එහාට යමින් නාගරික ප්‍රදේශවල ප්‍රවාහනය සඳහා විදුලිබලයෙන් ක්‍රියා කරන පහත් පතුල් සහිත විශාල ප්‍රමාණයේ බස් රථ සේවාවක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට රජය සැලසුම්කර තිබෙනවා.”
Comments
Post a Comment
Your comment will be visible after approval