chi-chi-dambulla-07

LPL තරඟාවලියේ Dambulla Giants කණ්ඩායමේ පුහුණුවීම් සඳහා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ එක්වී ඇත.





ඔහු එම කණ්ඩායමේ පුහුණුවීම් සඳහා එක්වී සිටින ඡායාරූප කිහිපයක් Dambulla Giants කණ්ඩායමේ නිල ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණි.
ඔහුගේ අංකය 07 වන අතර ටීෂ්ර්ට් එකේ තිබුනේ චිචී 07 ලෙසිනි.
ප්‍රවේගකාරී පිතිකරු සනත් ජයසූරියද අංක 7 පාවිච්චි කළේය.

 ලන්ඩනයේ HAMRO ප්‍රධාන විධායක නිලධාරී Q Khan මහතා දඹුල්ල කණ්ඩායමේ නව හිමිකරුය.
කලින් දඹුල්ල වයිකින්ග් නම් වූ  මෙම පිල දඹුල්ල ජයන්ට් ලෙස නම් කළේද ඔහුය. දේපල වෙළඳාම් අංශයේ පුරෝගාමියෙකු වන ඔහුගේ HAMRO ප්‍රධාන කාර්යාලය ලන්ඩනයේ Canary Wharf හි පිහිටා ඇත.
සාමාන්‍යයෙන් මෙම ලීග් ක්‍රිකට් තරග වලට හිමිකරුවන් මුදල් වියදම් කරන්නේ  හොඳ තරග කරුවන් යොදා ජයග්‍රහණ තුළින් මුදල් ඉපැයීමට වුවත් Q Khan මහතා බොහෝ විට මුදල් වියදම් කර ඇත්තේ වෙනත් අරමුණු වලටය. ඔහු එංගලන්තයේද විවිධ පරිත්‍යාග නිසා ප්‍රකටය.