ආදරයට, ලිංගික සබඳතාවලට වයසක් තරාතිරමක් නැතැයි යන අතිශය නිරවද්‍ය කතාවකි. එවැනි සිදුවීම් ලෝකයේ ඕනෑ තරම්ය. සංස්කෘතිය, සබ්යත්වය ආදී වචන හේතුවෙන්  මෙරට මෙවන් දෑ බොහෝ විට සිදුවන්නේ හොර රහසේය. එහෙත් හාරොන් හොරෙන් වෙස් බැන්දන් නටන්න වෙන්නේ එලිපිට යැයි කියන කතාව සාක්සාත් කරමින් මෙවැනි සම්බන්ධතා එලියට එන්නේ ඉබේමට වගේය.   සමහර මෙවැනි සම්බන්ධතා අවසන් වන්නේ ගහමරාගෙන පොලිසි උසාවි වලිනි. වයස අවුරුදු 74ක කාන්තාවක් වයස අවුරුදු 48ක පුද්ගලයකු සමග ඇති කරගත් පෙම් පලහිලව්වක් හේතුවෙන් එම කාන්තාවගේ වයස අවුරුදු 28ක පුතාට දිවි අහිමිවිමේ පුවතක් මීට මාස කිහිපයකට පෙර අසත්නට ලැබුණේ මුන්දලම පොලිස් වසමේ කරිකට්ටිය ප්‍රදේශයෙනි.  ඒ බව ඇසූ දුටුවන් පුදුමයට පත්වූයේ 48ක පුද්ගලයකුට 74ක ආච්චි කෙනකුගෙන් ඇති පලේ කුමක්දැයි සිතුන නිසා විය යුතුය.




අවසානයේ මේ ආච්චිට පුතාත් පෙම්වතාත් යන දෙදෙනාම අහිමි වූයේ නහින දෙහින කාලයේ උදව්ට උපකාරයටවත් කිසිවකු නැතිකරමිනි, මෙ කියන්නට යන්නේ එ හා සමාන සිද්ධියකි. අසන්නට ලැබුණේ පුත්තලම පොලිස් වසමට අයත් කොට්ටුකච්චිය තීවුලකටුව ප්‍රදේශයනී. සම්බන්ධය පවත්වාගෙන ගිය යුවළගේ වයස ප්‍රශ්නයක් නැත,එනම් දෙදෙනාම ගැලපෙන  වයසේ පසුවන බැවිනි.කාත්තාව වයස අවුරුදු 60කි. පෙම්වතා 64 හැවිරිදි වියේ පසුවන්නේය. මේ දෙදෙනා කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය සම්බන්ධතාවයට කණකොකා හඬනේ ඇයගේ පුතා මේ බව දැනගැනීමෙන් අනතුරුවය.  සිය මව් පියන් අනාචාරයේ යනවාට,පියා හෝ මව පරයා ඒ දෙදෙනා වෙනත් අය සමග හොර රහසේ සම්බන්ධතා  පවත්වනවාට මොනම දරුවකුවත් කැමැති වන්නේ නැත. මේ බව දැනගත් පුතාටද ඉහිලුම් නොදෙන්නට ඇත. ඔහු මවගේ පෙම්වතා ඝාැතනය කරන්නට ඇත්තේ ඒනිසාය.  මෙසේ මරණයට පත්ව ඇත්තේ කිවුලකටුව ප්‍රදේශයේ පදිංචිව සිටි අබේසිංහ හේරත් මුදියන්සේලාගේ රණ්බංඩා නැමැති 64 හැවිරිදි සිව්දරු පියෙකි.

රණ්බංඩා සිය ජීවිකාව සරි කරගත්තේ ගොවිතැනෙනි, ඔහු ගොවිතැන් කටයුතු පවත්වාගෙන යන අතරතුර එම ගමේම ජීවත්වූ මල්ලිකා සමග ඇයි හොඳයිකම් පැවැත්වීමට අමතක නොකළේය.මල්ලිකා දරුවන් තිදෙනෙකුගේ මවකි, ඔවුන් සියල්ලෝම විවාහ වීය. මල්ලිකාගේ සැමියාද මීට වසර කීපයකට පෙර පවුලේ ඇති වූ ගැටළුවක් හේතූවෙන් ගෙලවැළලාගෙන මියගොස් තිබේ.එකම පුතු කපිල. ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නිරතව අතර මව සමග එම නිවෙසේ කල් ගෙවීය. විවාහ වූ පසු මහගෙදර පිහිටි ඉඩමේ පිටු පස නිවෙසක් තනා බිරිය සමග පදිංචියට ගිය ඔහු දරුවන් තිදෙනකුට පිය පදවියද ලබාදුන්ය. විශ්‍රාම යැමෙන් අනතුරුව, විශ්‍රාම වැටුප දෙසබලා නොසිට ගොවිතැන් කටයුතුවලට පෙළඹුනේ නිකන් සිටය පුරුද්දක් නැති නිසාය.




ඉකුත් 7 වැනි දින සවස කපිල,මවගේ නිවෙසට පැමිණෙන්නේ කිසියම් අවශ්‍යතාවක් සඳහාය. නිවෙසට ගොඩවී මව පෙනෙන්නට නොමැති නිසා කාමරයට යන්නේ මව නිදා ගෙන ඇති බව සිතාගෙන ය.එහෙත් දුටු දෙය ඔහුට අදහාගත නොහැකිවිය. මව රණබංඩා සමග අඹු සැමියන් ලෙස හැසිරෙනු දකින ඔහුගේ සිත කීරි ගැසී   යන්නට ඇත.මව ගැන දැඩි  පිළිකුලක්ද ඇතිවන්නට ඇත්තේ ක්ෂණිකවමය.  මින් දැඩි ලෙස කෝපයට පත් කපිල,රණ්බංඩාට බැන වදින්නට විය, දෙදෙනා අතර වචන හුවමාර ව තත්පරෙන් තත්පරේ උණුසුම් වූයේ දෙදෙනාම ජයග්‍රහණය වෙත ළඟා වීමට උත්සාහ දරන බවක් පෙන්නුම් කරමිනි. වරදකර ඇති බව දැන දැනත් රණ්බංඩා හැසිරෙන්නේ නිවැරදිකරුවකු ලෙසිනි. ඒ හේතුවෙන් ඔහු කෙරෙහි කපිලගේ සිතේ ඇතිවූ කෝපය තව තවත් වැඩි විය. ඒ සමගම රන්බණ්ඩා වෙත කඩා පැන්න කපිල ඔහුට අතින් පයින් පහර දෙන්නට විය.


 එයින් කපිලගේ සිතේ වු කෝපය අවසන් වුයේ නැත. ඔහුගේ දෑස්  යන්නේ අසල තිබූ මුගුරක් දෙසටය. ඉන් රණ්බංඩාට පහරපිට පහර එල්ල කරන්නට වූයේ දැඩි ආවේගයකිනි. එම පහරදීම හේතුවෙන් දරුණු ලෙස තුවාල සිදුවූ ඔහු ලේ විල මැද ඇද වැටුණේය. කලබලය කනවැකුණ අසල්වාසීන් එතැනට දීව ආහ.  පහරකෑමට ලක්වූ රණ්බංඩා පුත්තලම රෝහලට  ඇතුලත් කරන්නේ ගම්මුන්ගේ මැදිහත්වීමෙනි. ඔහුගේ තත්වය බරපතල බැවින් රෝහල් බලධාරීන් කඩිනමින් ඔහුව  කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමට කටයුතු කළ අතර ප්‍රථිකාර ලබමින් සිටියදී 8 වැනි දින දහවල් ඔහු මරණයට පත්විය. මවගේ අනියම් පුරුෂයා ඝාතනය කිරීමේ සැකයට කපිල අත්අඩංගුවට පත්වන්නේ දරු තිදෙනකුගේ අනාගතයට ද අඳුරු පැල්ලම් එක්කරමිනි. රන්බණ්ඩා ඝාතනයේ පරීක්ෂණ වලදී ඇසින් දුටු එකම සාක්ෂිය මල්ලිකාය. ඇය පවසා තිබුණේ තමන් රන්බණ්ඩා සමග ලිංගික ඇසුරක් නොපැවැත් වූ බවත් පුතා එනවිට තමන් රන්බණ්ඩා සමග  මුලුතැන්ගෙයි ආහාර පිසමීන් සිටි ඇති බවත්ය. පුතාගේ ප්‍රකාශය අසත්‍ය බවත්  ඔහු මෙම ඝාතනය කරන්නට ඇත්තේ වෙනත් හේතුවක්නිසා විය හැකි බවත් ඇය පවසා තිබිණී.




කසේවෙතත් මලිකාත් රන්බණ්ඩාත් අතර පැවැති සම්බන්ධය අනියම් යැයි කීම සාවද්‍යය. යම් සම්බන්ධයක් අනියම් වන්නේ දෙදෙනාම නීත්‍යනුකූලව විවාහ වී සිටිනවා නම් පමණි. මෙම සිද්ධියට සම්බන්ධ මල්ලිකා වැන්දඹුවකී. එනම් තනිකඩ කාන්තාවකි. ඒ නිසා ඇයට පෙම්වතකු නොව සැමියකු වුව ජීවිතයට එක් කරගැනීමේ අයිතීයක් ඇත.  ඇය මේ සම්බන්ධය හොර රහසේ කරගෙන යන්නට ඇත්තේ දරුවන් පමණක් නොව මුනුබුරු මිනිබිරිය පවා සිටින නිසා විය යුතුය. එහෙත් කවුරු සිටියත් තනිවම ජීවත්වෙද්දී ආදායම් මාර්ගයක් හෝ නැතිනම් කාගේ හෝ පිහිටක් පිළිසරණක් පැතීමට කාත්තාව පෙළඹීම කිවයුතු තරමේ වරදක් නොවන්නේය.


මිහිර විජේසේකර