danuka-dilshan-leaves-sri-lanka

මේ කාලයේ බොහොමයක් වාර්තාවන්නේ ලංකාව අතැර වෙන රටවලට යන අය ගැනය. කලා ශිල්පීන් කිහිපදෙනෙකුද ඒ ආකාරයට රට හැර ගොස් තිබේ. මෙම ගොන්නට අයත් වන අලුත්ම නළුවා ධනුක ඩිල්ෂාන්ය.
තණමල්විල කොල්ලෙක්, පියාඹන මූණීස්සම් වැනි මෑතකාලීන ටෙලි නාට්‍යවල මෙන්ම ‘ධර්ම යුුද්ධය‘ වැනි චිත්‍රපටවල රංගනය නිසා ඔහු ප්‍රකටය. කලකට ඉහත සාරංග-උමාලි පෙම්පළහිලව් කටකතා වලදී දඬු ලේනෙකු තෑගිදුන්නැයිද ඔහුගේ නම කියැවිණි.
ඔහු සතිඅන්ත පුවත්පතකින් තමන්ගේ රට හැරයාම මෙසේ කියා තිබේ.



‘නුදුරේදීම අපේ පවුලේ හැමෝම විදේශ ගත වේවි. මාත් ඔවුන්ට එක්වෙනවා. ඔවුන්  සමඟ සතුටින් ජීවත් වීමයි මගේ එකම බලාපොරොත්තුව. ඉදිරියේදී මාව ක්ෂෙත්‍රය තුළ දකින්නට ලැබෙන එකක් නැහැ.
නමුත් මම විටින් විට ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා.
ඇත්තටම අනාගතය ගැන බලාපොරොත්තු නැහැ. මම ජීවත් වන්නේ මේ මොහොත තුළ පමණයි.‘




ධනුක ඩිල්ෂාන් තවම අවිවාහකය. ඔහු ජීවත්වන්නේ පවුලේ අය සමගිනි. ඔහු තවත් විස්තර මෙසේ කියයි.

‘මම  කසාද බඳින්න ඕනේ කියලා අම්මට කිව්වේ 11 වසරෙදියි. ඉන් පසුව ප්‍රේම සබඳතා කිහිපයක්ම
තිබුණා. නමුත් විවාහයක් සිදුවුනේ නැහැ. මම පෙම්වතෙක් නෙමෙයි. මම ආදරය කළ හැම පෙම්වතියක්ම දැන් විවාහකයි. විවාහයක වගකීම වගේම බරපතළකම දැන් මට හොඳට තේරෙනවා.
මං ගොඩක් සරල පුද්ගලයෙක්. මට හම්බකරන්න රේස් එකක් නැහැ. මං ගතවූ කාලය තුළ රංගනය ගැන
ඉගෙන ගත්තා. රඟපෑම තුළ ඇලී ගැලී සිට ප්‍රයෝජන ගන්න මට කිසිම ආසාවක් නැහැ. ‍රංගනය මගේ අත්දැකීමක් කරගත්තා‘