meerigama-kurunegala-postponned

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කිරීම අද (28) සිදු කරන්නට මීට පෙර දින යොදාගෙන තිබුණද එයට තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇති බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි. 


දෙසැම්බර් මාසයේ මුල් සතිය තුළ එම මාර්ගය විවෘත කළ හැකි බවත් තවත් වැඩකටයුතු කිහිපයක් සිදු කිරීමට ඇති බවත් අමාත්‍යංශයේ ලේකම් රංජිත් පේමසිරි සඳහන් කළේය.
ඉකුත් 20වනදා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කළේ අද දින මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කරන බවකි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අදියර 4 ක් යටතේ සිදු කෙරෙන අතර. මීරිගම සිට කුරුණෑගල කොටස එහි දෙවන අදියරයි. එම මාර්ග කොටසේ සම්පූර්ණ දුර කිලෝමීටර් 40 යි දශම 9 කි.