The-Chinese-government-has-released-a-video-of-the-tennis-star-following-allegations-of-disappearance

පසුගිය සතියේ ලෝක පුවත් සිරස්තල අතරට ගිය එක් සිදුවීමක් වූයේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 14 වන ස්ථානයේ පසුවන දෙවතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් යුගල ශූරියක වන Peng Shuai නමැති චීන ටෙනිස් ක්‍රීඩිකාවක අතුරුදන් කිරීමේ සිද්ධියකි.
චීනයේ බලවත් පුද්ගලයෙකුවූ හිටපු උප අගමැතිවරයෙකු සමග පැවති සම්බන්ධයක් හා ඔහු ඇයට ලිංගික බලපෑමක් කළ බවට කළ හෙළිදරව්වකින් පසු මෙම ටෙනිස් තාරකාව අතුරුදන්වූ අතර මේ ගැන චීන රජය වෙත චෝදනා එල්ල විය.
මේ අතර චීන රාජ්‍ය මාධ්‍ය සෙනසුරාදා ටෙනිස් තරුව Peng Shuai සිනහවකින් සහ හොඳින් සිටින බව පෙන්වීමට වීඩියෝවක් පළ කර ඇත.

ඇයට හිටපු උප අගමැතිවරයෙකු ලිංගිකව හැසිරීමට බල කළ බවට ඇය චෝදනා කිරීමෙන් පසු ඇය සිටින ස්ථානය පිළිබඳ තොරතුරු සඳහා ජාත්‍යන්තර පීඩනය වැඩි වූ අතර
මුලින් ඇයගේ යයි කියමින් ඊමෙල් පණිවිඩයක් නිකුත් කර ඇය හොඳින් සිටින බව කීමට සීජීටීඑන් රාජ්‍ය මාධ්‍ය කටයුතු කළේය. නමුත් එම ඊමේලය සැකයට භාජනය විය.

සෙනසුරාදා චීන රජය වීඩියෝ දෙකක්  ඇය ගැන සාක්ෂි පෙන්වීමට පිටකර ඇති අතර එකක, ඇය කබායක්, ගෙතුම් තොප්පියක් සහ මුහුණු ආවරණයක් පැළඳ අවන්හලකට ඇවිද යන බව පෙනේ.

අනෙක් වීඩියෝ පටයේ, පෙන්ග්  මුහුණු  ආවරණ රහිතව මේසයක් මත වාඩි වී පිරිසක් සමඟ ආහාර වේලක් ලබමින්  කතාබස් කරයි.ජංගම දුරකථනයකින් සවස රූගත කර ඇත. පෙන්ග් දර්ශනවල සැහැල්ලුවෙන් සිටින බව පෙනේ. එම කතාබහ අතර හෙට නොවැම්බර් 21 වෙනිදා නේද යනුවෙන් කතාකරන අවස්ථාවක්ද තිබේ.
මෙම වීඩියෝව පෙර වසරක පටිලත කළ එකක් විය හැකි බවටද සැකයක් ඉතිරි කර ඇත.
කෙසේ වෙතත් මෙම වීඩියෝවල සත්‍යතාව තහවුරු කිරීමට ජාත්‍යන්තර මාධ්‍ය තවම අසමත්ය.
(ඒඑෆ්පී ඇසුරිනි - Gossiplankanews.com)

අදාළ වීඩියෝව පහතින්



පෙර විස්තරය
හිටපු චීන උප අගමැතිට ස්ත්‍රී දූෂණ චෝදනා කළ දා සිට අතුරුදන්වූ ටෙනිස් තාරකාව පෙන්ග් ෂවුයි