සෞදි අරාබිය සඳුදා සිය පළමු කාන්තා පාපන්දු ලීගය දියත් කිරීමට සූදානම් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රියාද්, ජෙඩා සහ දම්මාම් හි තරඟ සඳහා කාන්තා කණ්ඩායම් 16 ක් සහභාගී වේ.ලෝක කුසලානයකට පවා ක්‍රීඩා කිරීමට ඔවුන් අපේක්ෂා කරන බව දේශීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.
අන්ත ගතානුගතික මුස්ලිම් අදහස් නිසා මෙවැනි ක්‍රීඩා එරට තුළ කාන්තාවන්ට තහනම්ව තිබුණි.
සෞදියේ දුර්වල මානව හිමිකම් වාර්තාවන් සහ කාන්තා ක්‍රියාකාරීන් සිරගත කිරීම් ගැන ලෝකයේ කතාබහක්ද ඇතිව තිබුණි.
මේ හේතුවෙන් කලකට ඉහත බිහිවූ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ නවතම පියවර වූයේ සෞදි පාපන්දු සම්මේලනය කාන්තා පාපන්දු ලීගය පිහිටුවීමයි.
(ඒඑෆ්පී ඇසුරිනි - Gossiplankanews.com)
Comments
Post a Comment
Your comment will be visible after approval