Dullas-kurumba-village

තම උපන්ගම වන රදම්පොල වෙත ගිය ඇමති ඩලස් අලහප්පෙරුම ෆේස් බුක් ඔස්සේ මෙසේ සටහන් කර ඡායාරූප කිහිපයක් හුවමාරු කරගෙන තිබේ.



මගේ ආදරණීය උපන් ගම්මානය රදම්පොල ගමේ පරිසරය සහ ගැමියන්ගේ සූන්දරත්වය දශක ගණනාවකට  පසූ නැවත ඒ ආකාරයෙන් ම අත්වින්දෙමි. පුන්ච් සන්දියේ  අපි අම්මාට  රහසිගව පිහිනන්නට පැමිනි  එබකන්ද දොළ, මොහොට්ටි අයියා, නිහාල් ඇතුලු කිහිප දෙනකු  සමග දොළේ සහ කන්දේ ගලින් ගලට පැනගොස් සේන පොඩි  මල්ලි ගේ පැල්කොටය තුල ගත් ආහාර වේල, නැවත මාව ඒ අසිරිමත් ඉතිහාසයට කැඳවාගෙන ගියා. නිර්ව්‍යාජ ගැමිකම කොතරම් උත්තමද..? සුන්දර ද..?