Panadura-capsiul-doctor-caught-by-police-constable

වෛද්‍යවරු මිහිපිට දෙවිවරු වැනිය. කොරෝනා වසංගතයේදී ඔවුන් කළ සේවය මිල කළ නොහැකිය.
 දෙවිවරු වැනි වෛද්‍යවරු අතර නීතිවිරෝධී ගබ්සා සිදුකරන, රෝගීන්ට දෙන බෙහෙත් පෙත්ත පවා විකුණාගෙන කන, අසරණ රෝගීන්ට අඩම්තේට්ටම්, හිරිහැර සිදුකරන වෘත්තීය ගරුත්වයට හානි කරන අයද සිටිති.
 එහෙත් බොරුවට. වංචාවට, රැවටීම්ලට වැඩි ආයුෂනැත. මේ එවැනි කතාවකි.
ඔහු පානදුර උතුර පොලිස් බලප්‍රදේශයට අයත් ගොරකාපොල ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකි.

 පනස් හැවිරිදිය. බේත් හේත් ගන්නට පැමිණෙන පිරිසට ප්‍රතිකාර ලබාදීමත් ලැබෙන මුදලට වඩා මුදලක් වෛද්‍යවරයාට කිසියම් නීතිවිරෝධී ආකාරයකින් ලැබෙමින් තිබුනේ කාලයක සිටය.
ගොරකාපොල ප්‍රදේශයේ කිසිවකු ඒ බව නොදැන සිටීම පුදුම සහගතය, අදාල වෛද්‍යවරයා පානදුර,පල්ලිමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පෞද්ගලික බෙහෙත් ශාලාවට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන පිරිස් අතර සුවිශේෂී පුද්ගලයන් පිරිසකි.

ඒ පානදුර උතුර සහ අවට පදිංචි  මත්ලෝලීන්ය මේ මත්ලෝලිහු එතැනට පැමිණ තිබුණේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමෙන් ඇතිවූ සංකුලතාවලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා නොව බෙහෙත් වර්ගයක් මිලදී ගැනීමටය.



එනම් මත්ද්‍රව්‍ය මිලදීගැනීමට අවශ්‍ය ලොකු මුදලක් නොමැති අවස්ථාවල මත්වන ඖෂධ අඩංගු බෙහෙත් කරල් ලබාගැනීම සඳහාය. වෛද්‍ය වෘත්තියේ සාරධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් මත්ලෝලීන් සඳහා මත් කරල් අලෙවි කිරීම හොර රහසේ සිදුකරගෙන ගියේ රෝගීන් ප්‍රතිකාර කොට දිනකට ලබන ආදායමට වඩා විශාල මුදල් ජාවාරමෙන් දිනකටලැබෙන නිසාය. ඕනෑම වචාවක්, හොර ජාවාරමක්, මගඩියක් සිදුකරගෙනයාහැක් ඉතා සුළු කාලයකට පමණයි යන කියමන සත්‍ය බව පසක්කරමින් මේ වෙද්‍යවරයාගේ මත්කරල් ජාවාරම ගැන ප්‍රදේශයේ මහජනතාව අතර කණින් කොණින් පැතිරයන්නේ ඔය අතරදීය.
කුඩුකාරයා ඕනෑම අවස්ථාවක ඕනැම පුද්ගලයකු පාවා දෙන්නට රුසියෙකි. මේ වෛද්‍යවරයා ගැන එලස තොරතුරු සමාජය හෙලිකරගත්තේද කුඩුකාරයන් තැන තැන කියන කතාවලිනි.

අදාල වෛද්‍යවරයා වෙද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් අධික මිල ගණන්වලට මත්කරල් අලෙවි කරන බවට තොරතුරු ප්‍රදේශවාසීන් අතර පැතිර යැමට එතරම් කාලයක්ත වූයේ නැත, මේ ගැන විපරම් කරන ප්‍රදේශවාසීන්ට දැන ගැනීමට ලැබන්නේ වෛද්‍යවරයා නියත වශයෙන්ම මේ මත්කරල් ජාවාරම් නිතරම සිටින බවයි. ප්‍රදේශවාසින්ගේත් මහාසංඝ රත්නයේත් දැඩි විරෝධය එල්ලවන්නට පටන්  ගන්නේ ඉන් අනතුරුවය.
මේ වැඩේ ගම පුරා කාන්දු වී ඇති බව නොදත් වෛද්‍යවරයා තම ජාවාරම සිරිත් පරිදි කරගෙන යන්නේ දිනෙන් දින ධනවතකු බවට පත්වෙමිනි. එහෙත් ඒ වනවිටත් මේ ජාවාරම ගැන තොරුතුරු හෙලි කරගෙන සිටි ප්‍රදේශවාසී සහ මහාසංඝරත්නය පොලිස්පතිවරයාට,පොලිස් විශේෂ කාර්ය බලකායට සහ පානදුර උතුරු පොලීසියට දන්වා තිබිණි. පානදුර උතුරු පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල්, පොලිස් විශේෂ කාර්ය බලකාය ද සමඟ එම සැකකටයුතු වෙද්‍යවරයා ගැන සොයාබලන්නේ ඉන් අනතුරුවය.



අදාල වෛද්‍යවරයා පානදුර රෝහලේ සේවයේ නියුතු අයකු බව අනාවරණය වන්නේ රහසිගතව සිදුකරන ලද විමර්ශනවලදීය මේ වෛද්‍යවරයා පනස් හැවිරිදි අයකු බවටත් ඔහු පානදුර,ගොරකාපොල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සහ පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික බෙහෙත් ශාලාවක්  පවත්වාගෙන යන බවට හෙළිවිය, පොලිසිය ඉන්  අනතුරුව කරන්නේ ඔහුට අයත් ඩිස්පැන්සරියට බෙහෙත් ගන්න එන අය සහ කරුණු කාරණාවලට එහි යන එන අයගැන ඉතා සුක්ෂමව සොයා බැලීමයි.

මාසයකට වැඩි කාලයක් මෙලෙස 'ආවේක්ෂණ"රාජකාරියේ නිරව සිටින පොලිස් නිලධාරීන් අත්තිමේදී සොයා ගන්නේ මෙතැනට යන එන අය අතර මත්ලෝලීන්ද රැසක්ද සිටින බවයි. ඔවුන් එහි පැමිණෙන්නේ රෝගී ලෙස වුවත් ඇත්තටම ඔවුන්  අවශ්‍යතාව මත්කරල් මිලදී ගැනීම බව තහවුරු වී තිබිණි. වෛද්‍යවරයා මත්කරල් අලෙවිකරද්දීම අත්අඩංගුවට ගැනීමට පොලීසිය සැලැසුමක් සකස් කරන්නෙත් ඒ  අනුවය. පානදුර උතුරපොලිසියේ නිලධරයකු මත්ලෝලියකු ලෙසවෙස්වලාගෙන අදාල වෛද්‍යවරයාගේ ඩිස්පැන්සරියට යන්නේ රාත්‍රී කාලයේය. පොලිස් උපාය දුතයාට වෛද්‍යවරයාද හසුවිය.

 ඔහු මත්කරල්'කුඩුකාරයකු' වෙසින් ආ පොලිස් නිලධාරියාට අලෙවිකළේ තමා මේ ජාවාරම කර පොලිස් නිලධාරියකු සමග යැයි කියා නොදැනය. ඉන් අනතුරුව පොලීසිය අසල ඩිස්පැන්සරිය වටලන්නේ ක්ෂණිකවය, වෛද්‍යවරයා තක්කු මුක්කු  වන්නේ එවිටය.

 ඩිස්පැන්සරියේ තිබුණු මත්කරල් විසිදහස්තිස් පහක් සොයාගන්නේ කළ සෝදිසියේදීය.මේ මකරල් එකක් රුපියල් දෙසීය බැගින්  අලෙවිකරතිබිණි.  මේවාගේ වටිනාකම රුපියල් ලක්ෂ හතලිහක් පමණ වන බව හෙලිවිය. හෙරොයින් මතට ඇබ්බැහි වූ පුද්ගලයන්ට ලබාදුන් මේ මත්කරල් මානසික රෝගීන්ට ලබා දෙන ඒවා බවද හෙලිවිය.

වර්ග හයකින් යුත් කරල් 20300ක් දිනය සහ මාත්‍රාව සඳහන්කර නැති බෙහෙත් තුන්ඩු,මත්පෙති ලබාදුන් බවට සටහන් තබා තිබුණු ව්‍යාජ සටහන් පොතක් පොලීසිය විසින් සොයාගනු ලැබුවේ ඉන් අනතුරුවය. මේ එක් කරලක මිල රුපියල් තිහක් වූවත් වෛද්‍යවරයා එක් පෙත්තක් මල්ලෝලීන්ට අලෙවිකරතිබුණේ රුපියල්දෙසියකටය. මාස තුනක් පමණ මේ ජාවාරම නිරුපද්‍රිතව සිදුකරන්ගෙන ගොස්තිබිණී. මේ දිනවල  මෙරට මත්ද්‍රව්‍ය හිගයකට මුහුණ පා ඇත.

 ඒ හේතුව නිසා මේ මත්ලෝලීන් මත්පෙති, මත්කරල් භාවිතයට පෙළැඹීසිටින බව ද අනාවරණය විය. සැකකාර වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත්කිරීම්මෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කැරිණි. මෙම වෛද්‍යවරයා බන්ධනාගාරය යැමත් සමග මත්කුඩු නැතිව සිටි පිරිසට මත්පෙතිද අහිමි විය.ඒනිසා මේ වන විටත් මත්ලෝලීන් දැඩි පීඩාවකට පත්ව සිටින නමුත් ප්‍රදේශයේ පැවැති ප්‍රචණ්ඩකාරී බව බොහෝදුරට සමනයවී ඇත.එනම් කොල්ලකෑම් සොරකම් ආදිය බෙහෙවින් අඩුවී ඇති බව පොලිසියේ අදහසයි.

-අමල් රණබාහු-