ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී
ලංකාවට ලකුණු 187ක විශිෂ්ට ජයක් හිමි විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු කඩුලු දැවී ලකුණු 386ක් රැස් කළේය.
එහිදී නායක දිමුත් කරුණාරත්න ලකුණු 147ක්, ධනන්ජය ද සිල්වා ලකුණු 61ක් සහ පැතුම් නිස්සංක ලකුණු
56ක් රැස් කළහ.
කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම 230කට සීමා විය.
පසුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 4කට ලකුණු 191ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටුවීය.
ලකුණු 348ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 160ක් ලබා සිටියදී බිඳ වැටිණි.
දෙවන ඉනිමේ කොදෙව් කඩුලු 5ක් බිඳ හෙළීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වූ අතර රමේෂ් මෙන්ඩිස් කඩුලු 4ක්
බිඳ හෙළීය.
Comments
Post a Comment
Your comment will be visible after approval