Lets-grow-cannabis-sell-kasippu-fill-the-sea-in-Jaffna-and-build-a-zoo-Uddika

අයවැය විවාදයට එක්වෙමින් සිනමා නළු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න රටට ඩොලර් මුදල් ඉපැයීමට විකල්ප ක්‍රම අවශ්‍ය බවත් ඒ සඳහා අලුතින් සිතිය යුුතු බවත් කියා සිටියේය.
ඒ අනුව දැනට ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඉදිරිපත් කර තිබෙන ගංජා වවා අපනයනය කර මුදල් ඉපැයීමටත් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා යෝජනා කර තිබෙන කසිප්පු බෝතල් කර විස්කි මෙන් පිටරටට විකිණීමටත් තමා යෝජනා කරන බව ඔහු කීවේය.

මීට අමතරව ඔහුගේ අලුත් යෝජනාවක් ලෙස යාපනය අවට දූපත් සංචාරක කර්මාන්තය සඳහා සංවර්ධනය කිරීමක් ගැන පැවසූ අතර ඒ ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු යාපනයේ මුහුද පෝර්ට් සිටිය මෙන් ගොඩකර මුහුදේ සතුන් වත්තක් නිර්මාණය කර සංචාරකයින් සඳහා ආකර්ශණය ඇති කළ හැකි බව කියා සිටියේය.
සාම්ප්‍රදායික ක්‍රම හරහා තවදුරටත් රට දියුණු කළ නොහැකි බවත් ඒ් සඳහා නව සංකල්පවලින් සමන්විත දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් සකස් කළයුතු බවත් ඔහු කීවේය.

විමල් පිල නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාපයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරයා
 මීට කලතට ඉහත සිය මංගල පාර්ලිමේන්තු කථාවේදී පරිප්පු වෙනුවට බඩ ඉරිඟු හොද්ද අනුභව කරන්නැයි ජනතාවට යෝජනා කර සිටි නමුත් එය තවම ක්‍රියාත්මක වන බවක් වාර්තා නොවේ.
ඹන්ත්‍රීවරයා අලුත් යෝජනා ඉදිරිපත් කළ අයුරු වීඩියෝව පහතින්