NASAs-experiment-to-change-the-path-of-a-satellite-using-a-spacecraft

පෘථිවි කක්ෂයට සමීපයෙන් ගමන් ගන්නා ග්‍රාහක දෙකක් වෙත එල්ල කරන අභ්‍යවකාශ යානාවක් මගින් එම ග්‍රාහකවල මාර්ගය වෙනස් කිරීමේ අත්හදා බැලීමක් සිදු කරන්නට එක්සත් ජනපදයේ නාසා ආයතනය ඊයේ (24) කටයුතු යෙදූ බව වාර්තා වෙයි. ඉදිරියේදී පෘථිවීය වෙත තර්ජනයක් විය හැකි මෙවැනි ග්‍රාහක කැබලිවලින් පෘථිවිය ආරක්ෂා කරගැනීමේ මූලික අවස්ථාවක් ලෙස  මෙය සංවීධානය වී තිබේ.ඒ අනුව පෘතුවි වේලාවෙන් බදාදා පෙරවරු 06.21ට එක්සත් ජනපදයේ කැලිෆෝනියා නුවර පිහිටි වැන්ඩෙන්බර්ග් අභ්‍යවකාශ බලඇණි මූලස්ථානයේ සිට මෙම යානය පිටත් කර හැරීම සැලසුම විය.

 එහිදී එරට ක්‍රියාත්මක පෞද්ගලික අභ්‍යවකාශ මෙහෙයුම් සමාගමක් වන SpaceX වෙත අයත් රොකට්ටුවක් මෙම මෙහෙයුමට යොදා ගැනීමට නාසා ආයතනය කටයුතු කර තිබුණි.මෙම අත්හදා බැලීමේ මෙහෙයුම සහ එම යානය DART - Double Asteroid Redirection Test නමින් නම් කර තිබේ.ම

ෙම මෙහෙයුම සදහා වැය කෙරෙන මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 330ක් ලෙස ගණන් බලා ඇත. මෙහිදී යානය මගින් මාර්ගය වෙනස් කරන කරන එක් ග්‍රාහක කැබැල්ලක් Dimorphos ලෙස හඳුන්වා තිබේ. එය මීටර් 160ක් පමණ දිගකින් එනම් නිව්යෝක් නුවර ලිබර්ටි ප්‍රතිමාව මෙන් දෙගුණයක දිගකින් යුක්තය. එසේම එය හා සමීපයේ ඇති ඊට වඩා විශාල Didymous නම් ග්‍රාහකය අඩි 2,500ක පමණ විෂ්කම්භයකින් යුක්ත වෙයි. මෙම ග්‍රාහක දෙකම සූර්යයාගේ කක්ෂයේ ගමන් කරයි.


බොහෝවිට ලබන වසරේ අගභාගයේදී පමණ මෙම ග්‍රාහක පෘථිවිය හා ගැටීමේ අවස්ථාවක් පවතින බව විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ. ඒවා පෘථිවිය හා කිලෝමීටර් මිලියන 11ක් තරම් සමීප වීම ඊට හේතුවයි. එය එම ග්‍රාහක වෙත පෘථිවිය හා සමීප විය හැකි ආසන්නතම ස්ථානයද වෙයි. යම් හෙයකින් එය පෘථිවි ගුරුත්වයට වැටුණි නම් එය පෘථිවිය හා ගැටීම් අවස්ථාවක් පවතී.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නාසා ආයතනයේ මුල් පෙළේ විද්‍යාඥයකු වන තෝමස් සුබර්චෙන්, "අපි මෙතැනදී උත්සාහ කරන්නේ මේ තර්ජනය මගහරින්න පුළුවන් වෙන්නේ කොහොමද කියන දේ දැන ගැනීමයි. ඒ කියන්නේ පැහැදිලිවම මේ ග්‍රාහකවලින් පෘථිවියට තර්ජනයක් නෑ කියන දේ වටහා ගැනීමයි." යනුවෙන් පවසා තිබේ.




 නාසා ආයතනය පවසන ආකාරයට ලොව තුළ මෙවැනි මෙහෙයුමක් සිදුකෙරෙන පළමු වැනි අවස්ථාවද මෙයයි. වීශේයෙන්ම නාසා ආයතනයේ ග්‍රාහක ආරක්ෂක සහයෝගිතාව මගින් මෙවැනි තර්ජනයක් පවතින ග්‍රාහක කැබලි පිළිබඳව අවධානය යොමු කරයි. මෙම Dimorphos සහ Didymos යන ග්‍රාහක පාථිවීයේ කක්ෂයේ පිහිටි සමීතම වස්තූන් (Near Earth Objects) ලෙස හඳුනාගෙන ඇති අතර, ඒනිසාම ඉන් එල්ල වන තර්ජනයද ඉහළය.මෙම ආරක්ෂක සහයෝගිතාව මගින් දැනටමත් අඩි 460කට වඩා වැඩි ග්‍රාහක පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන අතර, එම ග්‍රාහක මගින් න්‍යෂ්ටික බෝම්බ පිපිරුමක් හා සමාන ශක්තියක් පිටකරමින් පෘථිවියේනගරයක් හෝ ප්‍රදේශයක් සම්පූර්ණයෙන් විනාශ කිරිමේ හැකියාවක් පවතින්නක් වීම ඊට අද වනවිට අඩි 400ක හෝ ඊට වඩා වැඩි දිගකින් යුතු මෙවැනි පාථිවි සමීප වස්තූන් 10,000ක් පමණ හඳුනාගෙන ඇත. එහෙත් ඉදිරි වසර 100ක කාලය තුළදී හෝ පෘථිවිය හා ගැටීමේ අවස්ථාවක් මේ කිසිදු ග්‍රාහක කැබැල්ලක් සතුව නැතැයි විද්‍යාඥයන් පවසයි.


කෙසේ වෙතත් මෙම හඳුනාගත් ප්‍රමාණයට වඩා තවත් එවැනි ප්‍රමාණයේ ග්‍රාහක කැබලි 15,000ක් පමණ පෘථිවිය සමීපයෙන් ගමන් කරමින් ඇති බව විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ. එම විද්‍යාඥයන්ට අනුව මෙවැනි අඩි 460ක දිගකින් යුතු ග්‍රාහක සෑම වසර 20,000කට වරක්ම පෘථිවිය හා ගැටීමක් සිදුවන බවත් හඳුනාගෙන තිබේ. මෙලෙස එම ග්‍රාහක වෙත පිටත් කර හැරෙන DART යානය වීශාල ශීතකරණයක ප්‍රමාණය ගත් හරි හතරැස් පෙට්ටියක හැඩයත් යුක්ත වූවකි. එහි දෙපැත්තේ දිගු සූර්ය පැනල පිහිටුවා තිබේ. එය පැයට සැතපුම් 15,000ක පමණ වේගයකින් Dimorphos ග්‍රාහකය හා ගැටීම සැලසුම වී ඇතැයි නාසා ආයතනය පවසයි. ඒ හරහා දැනට එම ග්‍රාහකය පෘථිවිය හා කක්ෂගතවීමේ කාලය වන පැය 11කුත් විනාඩි 55ක කාලයෙන් විනාඩි 10ක් අඩු කිරීම සැලසුම වී තිබේ. එමගින් ග්‍රාහකය ගමන්මග වෙනස් වෙනු ඇතැයි උපකල්පනය කර ඇත. එහෙත් මෙම ගැටුමත් සමග ඇති වන ශක්තිය පිළිබදව මෙතෙක් කිසිදු අදහසක් නොමැති බව නාසා විද්‍යාඥයන් පවසයි. එම ග්‍රාහකයේ අභ්‍යන්තරය කෙසේ සකස් වී ඇත්දැයි යන්න පිළිබඳව පැහැදිලි නොවීම ඊට හේතුව බව සඳහන් වෙයි.