Explosion-is-not-a-problem-outside---an-alternative-to-the-irrational-fear-of-gas-explosions

මේ දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිපිරීම් සම්බන්ධ ආරංචි තැනින් තැන වාර්තාවීම හේතුකොටගෙන රටපුරා ගෑස් පාරිභෝගිකයින් අනියත බියකට පත්ව තිබේ.
මෙම බිය පහ කිරීමට කිසිවෙකු ඉදිරිපත්වී නැතුවා සේම පැතිරෙන ආරංචි වැරදි බවට හෝ බොරු බවට රජය පොලිසිය හා රස පරීක්ෂක වැනි වගකිවයුතු පාර්ශ්ව කරුණු ඉදිරිපත් කරන්නේද සැක සංකා ඉතිරි කරමිනි.
මේ නිසා ‘කවුරු හරි දේ කියනවද දන්නෑ‘ යන සිතිවිල්ල සාමාන්‍ය පාරිභෝගිකයන්ට මතුව තිබේ.


ඇතැමුන් ගෑස් සිලින්ඩර භාවිත කිරීමේ ආරක්ෂිත පියවර ගැන උපදෙස් මාලා සමාජ මාධ්‍ය තුළ හුවමාරු කරගන්නා අතර ඇතැමුන් තමන් ඊට යෙදූ විකල්ප ක්‍රම ඡායාරූප සහිතව ඉදිරිපත් කරනු දක්නට ලැබේ.
මේ සමග පළවන්නේ නිවසේ කුස්සියේ බිත්තිය හාරා ගෑස් නලය එලියට දමා සිලින්ඩරය එයට සවිකරන ආකාරය ගැන එම ක්‍රියාව සිදු කළ පුද්ගලයින් සමාජ මාධ්‍ය තුළ හුවමාරු කළ ඡායාරූප කිහිපයකි.