වවුනියාව, පාලමොටෙයි ප්‍රදේශයේ ගෙවත්තක බිම සකස් කළ ට්‍රැක්ටරයකින් වැටීමෙන් වයස අවුරුදු
පහක දරුවකු ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තාවේ.
දරුවා මාමා සමඟ ට්‍රැක්ටරයේ නැඟී ගමන් කරමින් සිටි අවස්ථාවේ අනතුර
සිදුව ඇත. එහිදී දරුවා ට්‍රැක්ටරයෙන් බිමට වැටී පහළ තිබූ නඟුලට හසුව බරපතල කැපුම්
තුවාල ලබාතිබේ. අනතුරුව දරුවා රැගෙන වවුනියාව රෝහලට ගෙන ගොස් ඇති නමුත්ෙ
දරුවා රෝහල්ගත කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව සිටි බව වවුනියාව රෝහල් ආරංචි මාර්ග
දන්වා තිබේ.
වවුනියාව, පාලමොටෙයි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 05ක් වයසැති කේ. කනිසන් නමැති දරුවකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval