දකුණු ඉන්දීය මුස්ලිම් අධ්යාත්මික නායක අශ් ෂෙයික් ආචාර්ය තයිකා අහමද් නසීර් අලීම් මැතිතුමා ඊයේ (22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
ඔහු අභාවප්‍රාප්ත ඉන්දීය මුස්ලිම් අධ්යාත්මික නායක අශ් ෂෙයික් ආචාර්ය තයිකා සුහායිබ් අලීම් මැතිතුමාගේ පුත්‍රයාය.
ආගමික සහජීවනය වර්ධනය කිරීමට ඉටු කළ හැකි කාර්යයන් ගැන මෙම හමුවේ දී ආචාර්ය තයිකා අහමද් නසීර් අලීම් මැතිතුමා අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කළේය.
ආචාර්ය තයිකා අහමද් නසීර් අලීම් මැතිතුමා ඉදිරියේ දී මෙරට මහා සංඝරත්නය මෙන්ම මුස්ලිම් ආගමික පූජකවරුන් හමුවීමට නියමිතව තිබේ.
මෙම අවස්ථාවට ආචාර්ය අග්‍රහැර කස්සප හිමියෝ ද වැඩම කර සිටියහ.
ආචාර්ය තයිකා අහමද් නසීර් අලීම් මැතිතුමා සමඟ පැමිණි මුස්ලිම් ආගමික නායකයෝ ද අග්‍රාමාත්‍යතුමා හමුවන අවස්ථාවට එක්ව සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval