train-shedule-starts-on21-October

 21 වැනි බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ධාවනය නැවත දැනුම් දෙනතුරු ධාවනය නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.



දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවේ දුම්රිය ධාවනය ලබන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට සදහා දන්වා තිබූ මෙහෙයුම් කාර්යා මණ්ඩලය කැදවීම 19 පෙරවරුවේ අවලංගු කළ බවයි.



මීට බලපෑ හේතුව තවම පැහැදිලි කර නැත. රජයේ පාසල් කොටසක් ඇරඹීම මෙන්ම වැඩ කටයුතු රැසක් යළි ආරම්භවන දිනයක් ලෙස 21 වනදා දින යොදාගෙන තිබුණි.
කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා තිබුනේ කොරෝනා වසංගතය අඩුවක් පෙන්නුම් කර ඇති මුත් පොදු ප්‍රවාහනයට දැන්ම ඉඩදීම සෞඛ්‍යාරක්ෂිත නොවන බවය.

    ප්‍රවාහන ඇමතිවරයා මින් ඉහත දන්වා තිබුනේ බස් හා දුම්රිය ධාවනය පුළුල් ලෙස 21 වනදා අරඹන බවකි. ඒ අනුව දුම්රිය ධාවනය 21 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට කාලසටහන් සකස් කර සියලුම කටයුතු සම්පූර්ණ කර තිබුණ ද නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය නොවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුම් දී ඇත.


 ලබන 22 සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටු  රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර දන්වා ඇති අතර ඔහු කියා සිටියේ දැනට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පමණක් ධාවනය වන බවයි.