prasanna-gunasena-resigns

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් ජයකොඩි සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළව තිබේ.

ඉකුත් සති කිහිපය තුළ අවස්ථා කිහිපයකදී මෙම ඉහල නිලධාරින් කැබිනට් ඇමතිවරයාගේ දෝෂාදර්ශනයට ලක්ව ඇති අතර මෙම ඉල්ලා අස්වීම පසුපස එකී දේශපාලනමය හේතු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ තොරතුරු අනාවරණය කරයි.


ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් වෛද්‍ය ප්‍රසන්න පත්වන්නේ ඊට පෙර වෛද්‍ය ලක්කුමාර් මහතා එම තනතුරින් ඉවත්වූ පසුය. ලක්කුමාර් මහතාට ඉවත්වන්නට සිදුවන්නේ චීන එන්නත් ගෙන්වීම සම්බන්ධ ඇතිවූ ප්‍රශ්නකාරී සිද්ධිදාමයකින් පසුය.
ඔහුගේ ඉවත්වීමෙන් පසු තනතුරට පත් වෛද්‍ය ප්‍රසන්න වියත්මග සංවිධානයට වැඩ කළ අයෙකි.ප්‍රසන්න පත්වන්නේ ජනපති ගෝඨාභයගේ නම් කිරීමක් ලෙසට බවද වාර්තා පළව තිබේ.

දැනට කොවිඩ් මර්දනය සදහා එන්නත් ආනයනය කිරීමේ කටයුතු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සිදුකෙරෙන අතර එම කටයුතු සාර්ථකව සිදු කෙරෙමින් පවතින පසුබිමක සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙසේ හිටිහැටියේම ඉල්ලා අස්වීම මතභේදයට තුඩු දී ඇතැයිද වාර්තාවේ.