rilawala-accident

අද (05) අලුයම කහතුඩුව රිලාවල හන්දියේ දී මහරගම අපේක්ෂා රෝහලේ සායනයකට සහභාගිවීම සඳහා යමින් සිටි 62ක එක්දරු මවක බස් රථයක හැපී ජීවිතක්ෂයට පත්විය. ඇය මියයන ආකාරය සීසීටීවී දර්ශන වල දැක්වේ. ඇය සමග තවත් තරුණ කාන්තාවකද එම අවස්ථාවේ පාර මාරුවන නමුත් ඇය තරමක් ප්‍රමාදවෙද්දී අනතුර සිදුවේ.


හොරණ දෙස සිට පැමිණි නාරහේන්පිට පෞද්ගලික රෝහලක සෞඛ්‍ය සේවකයන් රැගත්  බස් රථයකට යටවීමෙන් වයෝවෘද්ධ කාන්තාව බස් රථයේ ඉදිරිපස ගැටී පිටුපස රෝදයට යටවී එතැනම මියගියාය.
කහතුඩුව පොලීසිය සඳහන් කළේ මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට රිලාවල පදිංචි මවක බවය.
කහතුඩුවේ මෙම ස්ථානය  අනතුරු බහුල තුන්මංහන්දියක් වන අතර මින් ඉහතද විවිධ අනතුරු ගැන වාර්තා පළව ඇතිතැනකි..
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන  අද දින කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
CCTV පහතින්