කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කළ බව කිරිපිටි ආනයනකරුවන් සඳහන් කරති.
ඒ අනුව කිරිපිටි කිලෝවක මිල රුපියල් 1300ක් සහ ග‍්‍රෑම් හාරසිය පැකට්ටුවක් රුපියල් 520ක් ලෙස මිල වැඩි කළ බවද ඔවුන් කියා සිටිති.
රජය විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි පාලන මිල ඉවත් කිරීමෙන් පසු පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතියට යටත්ව ආනයනකරුවන්ගේ අභිලාසයට මිල ඉහළ දැමීමට අවස්ථාව උදාවී ඇත.
කිරිපිටි කිලෝග්‍රෑම් එකක (1Kg) මිල රුපියල් 1300ක් ලෙසත් ග්‍රෑම් 400ක මිල රුපියල් 520ක් ලෙසත් ඉහළ දමන ලෙසට කිරිපිටි ආනයනකරුවන් විසින් පාරිභෝගික සේවා අධිකාරියට යෝජනා කර තිබෙයි.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය තවම ප්‍රතිචාර දක්වා නැත.
කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් සඳහන් කර සිටියේ ඊට වඩා අඩුවෙන් ලබාදී පාඩු කරගන්නට තමන් කැමති නැති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval