සිරගතව සිටින මන්ත්‍රීවරුන් යොදාගනිමින් පටු දේශපාලන වාසි ලබා නොගන්නා ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.සිරගතව සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයක් පිළිබඳ අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද වෙනුවෙන් පෙනී සිටින බවත්, එසේ නොමැතිව මෙම ප්‍රශ්න ඉදිරිපත් කිරීම හරහා තමාට පෞද්ගලික වාසි අනොවන බවත් ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,


පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රිෂාඩ් බද්යුදීන් මහතා සිරගත කරලා ඉන්නේ. සවස 05ට එතුමාගේ කුටිය වහනවා.

එතුමාට මුත්‍රා කරන්න තිබෙන්නේ බෝතලයට. රාත්‍රී කාලයේ දෙවතාවක් වතුර ඕන ඉස්ලාම් ආගමේ අයට යාඥා කරන්න. ඉතින් හරිම අසාධාරණයි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් මෙලෙස ඉන්නවා. නමුත් ඔහුට ගෙදරිනුත් කෑම ගේනවා. මෙතන පක්ෂ දේශපාලනයක් නෑ. දේශපාලන වශයෙන් නඩු දැම්මම මේකයි වෙන්නේ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා කිරිඇල්ල මන්ත්‍රීවරයා තවම සිරගත වෙලා නෑ මම හිතන්නේ, තමුන්නාන්සේලාගේ ආණ්ඩුවෙන් තමයි අපිව දැම්මේ . 

 අපිවත් 05ට වැහුවා. අපි උදේ වෙනකන් බෝතලේ තමයි පාවිච්චි කළේ. ඒවා මතක නෑ. එළියේ ගිහින් එකක් කියනවා. ඇතුළෙ ඇවිල්ලා තව එකක් කියනවා. කාදිනල් හිමිපාණන්ට එකක් කියනවා. කාදිනල් හිමිපාණන්ට තව එකක් කියනවා. තමුන්නාන්සේලා බලය පාවිච්චි කරපු හැටි මතකයිනේ රෑ 12.00 වෙනකන් අධිකරණ විවෘතව තියලා. පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වෙන අතරතුර ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදාළ ප්‍රකාශය සමිබන්ධයෙන් නැවත අදහස් පළ කළ අතර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද එහිදී අදහස් පළකළේය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විපක්ෂයේ සංවිධායකතුමා ප්‍රශ්නයක් පැන නැගුවා රූෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට හිරගෙදර වැසිකිළිය පාවිච්චි කරන්න දෙන්නේ නෑ කියලා.


මම වහාම කොමසාරිස්වරයාට කතා කරලා ඇහුවා.එතුමාට අවසර දීලා තිබෙනවා ඕනෑම අවස්ථාවක සවස 6.00 සිට පසුදා 6.00 වෙනකම් කතා කරලා වැසිකිළිය පාවිච්චි කරන්න. අනිත් එක කෑම පිළිබඳව.මන්ත්‍රීවරයෙකුට ලිඛිතව ඉල්ලීමක් කළාම එළියෙන් කෑම ගේන්න පුළුවන්. මේ කෝවිඩ් නිසා ඒක නතර කරලා තිබෙනවා 15වැනිදා වෙනකන්. ඒ නිසා ගෞරවයෙන් ඉල්ලනවා මෙහෙම පාර්ලිමේත්තුව නොමඟ යවන්න එපා කියලා. ඒ වගේම පටු දේශපාලන වාසි ගන්න එපා මේ මන්ත්‍රීවරුව පාවිච්චි කරලා. 

ලෝකයේ නොයෙක් ආයතන නොමඟ යවන්න එපා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක. මට රිෂාඩ් මන්ත්‍රීවරයා කියන තොරතුරු අනුව කටයුතු කරන්නේ. නැත්නම් මේකේ පෞද්ගලික ලාභයක් නෑ, මගේ යුතුකම මම ඉෂ්ට කරනවා. මෙතුමා සිර කළා කියලා හැමදාම කියනවා. මම හැන්සාඩ් බැලුවා. මෙතුමා වෙනුවෙන් එක් මන්ත්‍රීවරයෙක්වත් කතා කරලා නෑ. ඉතින් මම කතා කරන්නේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද. ඒවා අධිකරණයේ කතා කරන්න බෑ.

(දිනේෂ් සමරකෝන්)