පසුගියදා අනාවරණය කෙරුණ පැන්ඩෝරා වාර්තාවේ සඳහන් වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවට අද පෙරවරුවේ පැමිණියේය.
එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් ජනපතිවරයාගේ නියෝගයෙන් ආරම්භ කළ විමර්ශනය ප්‍රකාරව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට තිරු නඩේෂන් මහතා කොමිසම හමුවේ පෙනී සිට තිබේ.
පැන්ඩෝරා පත්‍රයෙන් හෙළි කළ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් විමර්ශනය කර මාසයක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝග කර ඇති අතර තමන් අහිංසක බැවින් එය ඔප්පු කිරීමට අවස්ථාවක් අරන් දෙන්නැයි නඩේසන් ලිපියකින්ද ඉල්ලා තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval