indian-army-ampara

ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසයක් නිල වශයෙන් අද අම්පාරේදී ආරම්භ විය.ඉන්දියානු යුද හමුදාවේ 120 දෙනෙකු  සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ120 දෙනකුගෙන් යුත් භට කණ්ඩායමක් මෙම අභ්‍යාසය සඳහා සහභාගී වේ.


මෙම කන්ඩායම් දෙකටම රටවල් දෙකින් නිලධාරීන් 18 දෙනකුද ඇතුළත් විය.
"මිත්‍ර ශක්ති" නමින් නම් කර ඇති මෙම අභ්‍යා අද දින ( 05) උදෑසන අම්පාර සටන් පුහුණු පාසලේ දී සිදුවිය.
මෙහි අරමුණ  ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව ශක්තිමත් කිරීම බව යුද හමුදා මාධ්‍ය අංශය වාර්තා කර තිබේ.
අභ්‍යාසයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්නේ 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේය. ඒකාබද්ධ යුද අභ්‍යාසය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පූර්ණ අධීක්ෂණය මත සිදුකරනු ලබයි.
 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ජෛව බුබුලක් ලෙස සති දෙකක් පුරාවට මෙය ක්‍රියාත්මක වන බවද හමුදා මාධ්‍ය අංශය දන්වා තිබේ. ඡායාරූප පහතින්