මීට වසරකට පමණ පෙර 2020 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කරන්නට අමාත්‍ය මන්ඩල සන්දේශයක් ඉදිරිපත්වූ අතර එම සැප්තැම්බර් 28 සිට තහනම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති සංශෝධනය සඳහා අනුමැතියත් ලැබිණි. නමුත් විවිධ පාර්ශ්වයන්ගේ විරෝධතා නිසා එම අදහස වැළකී ගියේය.
විශේෂයෙන් හින්දු හා බෞද්ධ අය ආගමික මතවාද හරහා ගව ඝාතනයට විරුද්ධ වුවත් මුස්ලිම් ජාතිකයින් ගව මස් වැඩිපුර ආහාරයට ගැනීමට හුරුවී තිබීම නිසා මෙම වෙනස සිදුකිරීම ලෙහෙසි තටයුත්තක් නොවීය.
පළාත් සභා ඡන්දයකට රජය සූදානම් වන අතරේ නැවත වතාවක් මෙම තහනම් නීති කරළියට පැමිණ තිබේ.
මේ ගැන අද දින ජාතික පුවත්පත් කිහිපයකද ලිපි පළවී ඇත.
ශ්‍රී ලංකාවේ ගව ඝාතනය සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා නීති කොටුම්පත් කර ඇති ලේඛන පහකටම පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ඒවායේ දැක්වේ.
එම පනත් කෙටුම්පත් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත්
දේශීය කෘෂිකර්මාන්තය සහ දේශීය කිරි කර්මාන්තය ඉහළ නැංවීමේ අරමුණින් එළ ගවයින් සහ මී ගවයින් ඝාතනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ තීරණය කර ඇති බවත් දැක්වේ. එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා ගව ඝාතනයට අදාළව පළාත්පාලන ආයතන සම්මත කළ නීතිද සංශෝධනය කළ යුතුයි.
1893 අංක 09 දරන ගෝ ඝාතක ආඥා පනත සංශෝධන පනත් කෙටුම්පත, 1958 අංක 29 දරන සත්ත්ව පනත සංශෝධනපනත් කෙටුම්පත, මහ නගර සභා ආඥා පනත සංශෝධන පනත් කෙටුම්පත,
නගර සභා ආඥා පනත සංශෝධන පනත් කෙටුම්පත ප්‍රාදේශීය සභා පනත සංශෝධන පනත් කෙටුම්පත එම පනත් කෙටුම්පත් අතර වෙයි.
අගමැති මහින්ද රාජපක්ෂ, කෘෂිකර්ම ඇමැති මහින්දාන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බන්ඩාර තෙන්නකෝන් යන අය ඒකාබද්ධව මේ පිළිබඳ ඇමැති මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval